සයින්දමරුදු ප්‍රදේශයට නගර සභාවක් ස්ථාපනය කරමින් ඇති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් වී ඇති අතර විෂය භාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ අත්සනින් නිකුත් කල ගැසට් නිවේදනයට අනුව 2022 මාර්තු 20 දින එම නගරසභාවේ නිල කාලය ආරම්භ වන බවට වාර්තා වනවා. මේ පිළිබඳව විවිධ කණ්ඩායම් වැරදි මත පළකරමින් සිටින නිසාවෙන් ඇත්ත කතාව පැහැදලි කල යුතු යයි අපට සිතේ.

පසුගිය ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දුවක් අනුව මෙය සිදු වූ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන්නට 69 ලක්ෂයක් චන්දය දුන්නේ මේ පොරොන්දුව මෙන්ම තවත් මහා පොරොන්දු ගොන්නක් පිළිබඳව දැනුවත් භාවයකින් යුතුවය.

කෙසේ වෙතත් සයින්දමරුදු නගරසභාවක් කිරීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කිරීමේදී සයින්දමරුදු නගර සභාවක් කලවිට එම නගර සභාව කෙලින්ම නාගරික සංවර්ධන අධිකාරිය යටතට ගැනීම තුලින් සියලුම අනවසර ඉදිකිරීම් එනම් මුඩුක්කු, අනවසර පාසල් (ශරියා පාසල්), ආගමික ස්ථාන මුවාවෙන් කෙරෙන අනවසර ත්‍රස්තවාදී කටයුතු සියල්ල වැලැක්වීමට මධ්‍යම රජයට බලතල ලැබෙනු ඇත.

එමගින් නැගෙනහිර මතුවන්නාවූ සියළු ඉස්ලාමීය අන්ත්වාදයන්ට එරෙහිව රජයට සහ ආරක්ෂක අංශ වලට කෙලින්ම කටයුතු කිරීමේ හැකියාව ලැබේ.  එසේම එම නගර සභා බලප්‍රදේශය තුල නිර්මාණය වන ගොඩනැගිලි වල ගෘහ නිර්මාණය ඇතුලු සියලු දේ නියාමනය කිරීමේ බලය නාගරික සංවර්ධන අධිකාරිය යටතට ලැබෙනු ඇත. නිවැරදි නාගරික කලමණාකරණය සංවර්ධනය ඇතිකිරීමේ මෙන්ම ත්‍රස්තවාදයේ බිහිවීම නැවැත්වීමේ පලමු පියවරයි.තවද මෙම නගරසභා බල ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව පමණක් නොව දෙමල හා සිංහල ජනතාවද ජිවත් වන බව මතක් කල යුතු කරුණකි.

කරුණු කරනා මෙසේ වෙද්දී වසර 5කට ආසන්න කාලයක් ඊනියා සංහිදියාව කියමින් අන්තවාදී ජාතිවාදීන්ට අවශ්‍ය ලෙස රට පාලනය කල පසුගිය පාලනය කාලයේ සහරන්ලා සිය අන්තවාදය පතුරන විට නෑසුණු කන් ඇතිව සිටි අය සේම මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ දේහය ආදාහනය කරන්නට නොදී ජාතිවාදීන් හඬ නගනා විට නිශ්ශබ්ධව සිටි සමහරුන් දැන් මේක අල්ලාගෙන දේශපාලනය කරන්නට පටන් ගෙන ඇති බව පෙනේ. තමන්ගේ වසර 5ක පාලන කාලයේ කිසිවක් කරගත නොහැකිව ජනතාව විසින්ම වැලේ වැල් නැතිව පන්නා දැමු දේශපාලන අනාතයින් දැන් මෙවැනි දේවල එල්ලෙමින් අසන්නේ  69 ලක්ෂයට සැපද කියාය.

අපට කියන්නට ඇත්තේ එදා ජාතිවාදී දේශපාලකයින්ගේ චන්ද හිඟමනට වැටි තීන්දු ගත්  නියාලු පාලකයින් උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය සුළු ජාතීන්ට පවා දෙද්දී වත්මන් ආණ්ඩුවේ ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද මැදිහත්වී ජාති ආගම් බේධ ඇතිකොට චන්ද දිනීම පසෙකලා බෞද්ධයින්ට උරුම අනන්න්‍යතාවය හා අභිමානය රකිමින්ම සුළු ජාතීන්ට නිදහසේ ජිවත් වීමට අවශ්‍ය වටපිටවද සකසමින් රට ඉදිරියට ගෙනයාම ඇත්තටම සැපයි කියාය.

අවසානයේ කියන්නට තවත් කරුණක් ඇත එදා නිදහස් දිනයේ සිංහල භාෂාවෙන් පමණක් ජාතික ගිය ගැයුවාට දොස් කියූ මේ පිරිස අද සයින්දමරුදු නගර සභාවක් දුන්නාට ආණ්ඩුවට දොස් කියයි. ඔවුන්ගේ දෙබිඩි දේශපාලන කුහකත්වය පෙන්වීමට තවත් උදාහරණ අවශ්‍යද?

සයින්දමරුදු නගර සභාව ස්ථාපිත කිරීමේ ගැසට් නිවේදනය පහතින්…