වූහාන් විශ්වවිද්‍යාලයේ රෙන්මින් රෝහලේ සහ වූහාන්හි චීන විද්‍යා ඇකඩමියේ වෛරස අධ්‍යයන ආයතනයේ විශේෂඥයන් පිරිසකගේ නවතම අනාවරණයකට අනුව කොරෝනා වෛරසය මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය සහ මළ අපද්‍රව්‍ය හරහා සම්ප්‍රේෂණය විය හැකි බව හඳුනාගෙන තිබේ.

කෙසේවෙතත් කොරෝනා වෛරසයට කෙරෙන පිළියම් සම්බන්ධයෙන් සාර්ථකත්වයක් අත්කර ගැනීමට තායිලන්ත වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත් වී ඇත.

ඒ, වෛරසය අසාදනය වීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ රෝගියෙකුට උණ සහ එච්.අයි.වී වෛරසයට ලබාදෙන ඖෂධවල සංයෝගයක් අත්හදා බැලීමෙන්ය.

එම ඖෂධය ලබාගත් රෝගියා පැය 48ක් වැනි කෙටි කාලයක් තුළ සුව අතට හැරී ඇති බව පැවසෙයි.

මේ වනවිට චීනයට අමතරව රටවල් 26 කින් කොරෝනා වෛරසය ආසාදිතවූවන් හමු වී ඇති අතර එම ලැයිස්තුවට එක්වූ නවතම රටවල්  දෙක වන්නේ ස්වීඩනය  හා ස්පාඤ්ඤයයි.