වකුගඩු රෝගයෙන් පීඩා විදින රෝගීන්ගේ පවුල් වලට පිහිටක් වන වෛද්‍යවරයා……..

මැදිරිගිරිය මුලික රෝහලේ රුධිර කාන්දු පෙරන ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ අසරණ දරුවන් වෙනුවෙන් වසර ගණනාවක සිට තම පුද්ගලික වියදමෙන් නව පාසල් වාරයට පාසල් පොත් හා උපකරණද, අලුත් අවුරුද්දට අලුත් ඇදුම්ද ලබාදෙන අපුරු වෛද්‍යවරයෙක් අපට හමුවුනා, ඔහු නමින් වෛද්‍ය ඒ.ජී චන්න ජිනසේන මහතා.

අපි ඔහුගෙන් මේ පිලිබදව විමසිමක් කළා, ඒ ඔහුගේ ෆේස්බුක් පිටුවෙන් ඔහු පිලිබදව දැනගැනීමෙන් අනතුරුවයි.

” ඇත්තටම මට මේ අවස්තාව ලැබුනේ මැදිරිගිරිය රජමහා විහාරයේ සාසනරතන ස්වාමින් වහන්සේගේ මගපෙන්වීම නිසයි. උන්වහන්සේ අසරණ රෝගීන්ට හා පවුල් වල අයට උපකාර කරන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටිය, ඒ අනුව තමයි මම මේ සදහා සම්බන්ධ උනේ, ඇත්තටම රුධිර කාන්ඳු පෙරන ඒකකයේ සායන සදහා සහභාගීවන රෝගීන් ඉතා අසරණ භාවයකට පත්වෙලා තියෙන්නේ, මොකද රුධිර පෙරනය සදහා වැඩි කාලයක් ගතකරන නිසා ඔවූන්ට වෙනත් දෙයක් කරගැනීමේ අපහසුතා තියනවා. ඒ නිසාම තමයි මම ඉදිරිපත් උනේ මේ දරුවන් වෙනුවෙන් උපකාර කරන්න. අම්ම තාත්තා මේ රෝගයට ගොදුරු උනාම දරුවන් තමයි වඩාත් අසරණ වෙන්නේ. මේ රෝහලේ විතරක් නෙමෙයි අනිත් රෝහල්වල ප්‍රතිකාර ගන්න රෝගීන්ගේ දරුවනුත් මේ අසරණ භාවයට පත්වෙනවා ”

වෛද්‍ය ඒ. ජී චන්න ජිනසේන මහතා මේ වනවිට කැස්බෑව ආයුර්වේද රෝහලේ අදුනික වෛද්‍යවරයෙක් ලෙස සේවය කරන අතර රටට ශක්තියක් වන සාර්ථක වියාපාර ගනනාවක හිමිකරුවෙක්ද වෙනවා, තම උපයන දෙයින් කොටසක් දනට පිනට ලබාදිය යුතු බවට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය මැනවින් අවබෝධ කරගෙන ජිවත් වන තරුණ වෛද්‍යවරයෙක් වන ඔහු අනිත සැමටත් ආදර්ශයක් ගත හැකි චරිතයිකි.

තොරතුරු ලබාගත් ෆේස්බුක් පිටුව

https://www.facebook.com/drchannajinasena/