NSBM හරිත සරසවියේ පාලක මණ්ඩලයට නව සභාපතිවරයකු පත් කල බවට වාර්තා පල වූ අතර පසුව එම සරසවියේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ප්‍රචාරය කොට තිබුනේ පාලක මණ්ඩලයේ කිසිදු වෙනස්කමක් සිදු නොවුණු බවය.

මේ පිළිබඳව තොරතුරු සොයා බැලීමේදී අපට අනාවරණය වුයේ NSBM සරසවියට පත් කිරීමට නියමිත නව සභාපතිවරයා පිළිබඳව ජනාධිපතිවරයා පත්කළ විද්වත් කමිටුව හරහා ලබාදුන් නිර්දේශ වලට පටහැනිව එම සරසවියේ වර්තමාන පරිපාලනය ක්‍රියා කරමින් සිටින බවයි.

මෙහිදී නව සභාපතිවරයා ලෙස කමිටුවේ නිර්දේශ අනුව යෝජනාවී සිටින්නේ ආචාර්ය ප්‍රභාත් වීරසිංහ මහතා වන අතර ඔහු B.Sc., M.Sc Eng., PhD.Eng., Postdoc.R.Eng., කියන සුදුසුකම් තියන, University of Colombo, Nagayoka University of technology, University of Aizu, කියන ඉහළ පෙලේ විශ්වවිද්‍යාල වල ඉගෙන ගත්තු, NSK Global, Univery Of Colombo, University Of Aizu, Visiting lecturer at International university of japan වැනි ඉහල පෙලේ ආයතනවල සේවය කර ප්‍රභාත් වීරසිංහ මහතා 2017 වසරේදී NSBM සරසවියේ සේවය කිරීම සඳහා පැමිණෙන්නේ ආචාර්ය උපාධි දෙකක් හිමි එකම මහාචාර්ය වරයා ලෙසයි.

සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව ළමයින්ගෙ පැත්තෙන් හිතලා සිසුන් වෙනුවෙන් උපරිම සේවයක් කිරීමට කැප වූ මොහු නාඩගම් වලින් විතරක් පිරුණු හරිත සරසවිය ඉහලට ගන්න සිය උපරිම උත්සාය යොදවා ඇති අතර එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් පවසන ආකාරයට Robotics Club ආරම්භ කිරීම, NSBM එක අවුරුදු ගාණක ඉඳන් ගන්න හදපු UGC Computer Science උපාධිය රජයෙන් අනුමත කරවා ගැනීම, ළමයින්ට දරාගන්න බැරි තරම් රිපීට් ෆී වැඩි කරද්දි ළමයි වෙනුවෙන් පෙනී සිටිමින් උදව් කිරීම ආදී සියල්ල මොහු විසින් සිදුකොට තිබෙනවා.

මේ සියලු කරුණු කාරණා අස්සේ වර්තමාන උප කුලපති E A වීරසිංහ මහතා ප්‍රභාත් වීරසිංහ මහතා සමඟ ඇති කෝන්තරයක් නිසා සරසවියේ පාලනාධිකාරිය නව පත්වීමට එරෙහිව ක්‍රියා කරන බවයි වාර්තා වන්නේ.