ශී‍්‍ර ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස පත් වූ ගායන ශිල්පීන් වන භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන් සහ ඉරාජ් වීරරත්න එම තනතුරට අදාළ දීමනා හෝ කිසිඳු පහසුකමක් ලබා නොගැනීමට තීරණය කර තිබෙනවා.

මාධ්‍ය කළ විමසීමකදී සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග ප‍්‍රකාශ කළේ ඔවුන් තිදෙනා සිය පෞද්ගලික වියදමින් අදාළ කටයුතු සිදු කරන බවට තමන් වෙත දැනුම් දුන් බවයි.ශී‍්‍ර ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සඳහා පත් කෙරුණු සමාජිකයෙකුට එක් රැස්වීමකට සහභාගී වීම වෙනුවෙන් රුපියල් විසිපන්දහසක මාසික දීමනාවක් සහ රැස්වීමට සහභාගි වීමට ප‍්‍රවාහන පහසුකම් ලබා දෙනවා.

මෙම අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයෙකු ලෙස එක්වන්නැයි සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක මුත්තයියා මුර්ලිදරන්ටද ආරාධනා කර තිබූ බවයි අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පැවසුවේ.