රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ කෝල් රේකොඩින් එලියට ඒමත් සමඟ සමස්ත එක්සත් ජාතික පක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අනාගතය නැත්තටම නැති වූ අතර ජනාධිපතිවරණය පරාද වී නන්නත්තාරව සිටි ඔවුන්ට මේ සිදු වුයේ කුමක්ද යන්න තාමත් සිතාගත නොහැකිව සිටින්නේ දිනෙන් දින තවත් හඬපට එලියට එමින් පවතින නිසාය.

කෙසේ වෙතත් රන්ජන් රාමනායක පිට වරද පටවා අත පිස දාගන්නට එජාපය උත්සාහ කරමින් සිටිනා අතර රන්ජන් සහ ඔහුට හිතවත් පිරිසක් මේ වනවිට සමාජ ජාල ඔස්තාර්ලා කියා ගන්නා වැඩබැරි ටාසන්ලා පිරිසක් සමග එක්ව ව්‍යාජ දුරකථන සංවාද පටිගත කිරීමේ කූට ක්‍රියාවක් ආරම්භ කොට තිබේ.

මේ අනුව ඉදිරියේදී වත්මන් රජයේ මැති ඇමතිවරු සහ ගෝඨාභය මහින්ද බැසිල් යන රාජපක්ශ සහෝදරයින්ද ඉලක්ක කරගෙන ප්‍රචාරය කිරීමට නියමිත ව්‍යාජ හඩ පට සදහා සමාජ මාධ්‍ය පිටු වලට විශාල මුදලක්ද වියදම් කිරීමට මුදල්ද වෙන්කොට ඇති බවත් ඉදිරි මහ මැතිවරනය ඉලක්ක කරගෙන මෙම ක්‍රියාවලිය සිදු කරන්නට නියමිත බවත් වාර්තාවනවා.

එජාපය සිදුකල ජනතා විරෝධී හා සිංහල බෞද්ධ විරෝධී කුමන්ත්‍රන මෙන්ම අධිකරණයේ ස්වාධීන භාවය අමු අමුවේ විනාශ කිරීම ආදී කාලකන්නි වැඩ සියල්ල මේ වනවිට ජනතාව තෙරුම්ගෙන ඇති අතර එජාප මඩ අවලාද සහ අසත්‍ය ප්‍රචාර වලට එරෙහිව පසුගිය ජනාධිපතිවරනයේදී ඉගැන්වූ පාඩමට එහා පාඩමක් එජාපයේ මඩ කරියන්ට උගන්වන්නට ලබන මහ මැතිවරනයේදී ජනතාව සූදානම් බවනම් කිව යුතුය.