2017 වසරේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ස්ට්‍රැටජි (strategy) එක හදන්න රනිල් විශේෂඥ කමිටුවක් පත් කරනවා. ඒ කමිටුවේ ඉන්නේ සංචාරක ක්ෂේත්‍රයේ පතාක යෝධයෝ සහ ව්‍යවසායකයො…

ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම සංචාරක ව්‍යවසායකයෙක් (entrepreneur) වන තිලක් වීරසිංහ ඒ කමිටුවේ ඉන්නවා..

ඒ වගේම තනතුරක් තිලක් වීරසිංහට වර්තමාන රජයෙනුත් ලැබිලා! හැබැයි ඒක සමහර බයියන්ටත් මාර අවුල් වෙලා.. ඇයි ? තිලක් වීරසිංහ දැන් නාමල් රාජපක්ෂගේ මාමා වෙලා..

තිලක් වීරසිංහ වගේ මොළයකින් රනිල් වැඩ ගත්තට, දැන් අර ඥාතිකම නිසා ඒ දැනුමින් වැඩක් ගන්න ගෝඨාභයට තහනම්..

සංචාරක ක්ෂේත්‍රයේ සුදුසුම ව්‍යවසායකයා නාමල්ගේ මාමණ්ඩිය වීම නිසා ඔහුව කපලා ඒ වෙනුවට වෙන කෙනෙක් හොයාගන්නලු.. තිලක් වීරසිංහ කියන්නේ ව්‍යවසායකත්වයෙන් කෝටිපතියෙක් වෙච්ච මනුස්සයෙක්.. හෝටල් ජාලයක හිමිකරුවෙක්..

ඒ මනුස්සය හම්බ කරන හැටියට ඔය කමිටු මගුලට ගිහින් මාසිකව ලැබෙන රුපියල් 80,000/- තෙල් ගහන්නත් මදි.. තිලක් වීරසිංහට ලංකාවේ කමිටු වල තනතුරු ඕන නෑ!
ලංකාවට තමයි සංචාරක ක්ෂේත්‍රයේ ඔහුගේ විශේෂඥ දැනුම අවශ්‍ය..
නිකමට වගේ තිලක් වීරසිංහ නාමය ගූගල් (Google) කරල බලන්න, ක්ෂේත්‍රයේ ඔහු මොන වගේ මනුස්සයෙක්ද කියලා!

තිලක් වීරසිංහ නොදනා අයට තවත් විස්තර මෙතනින් බලන්න….

https://apea.asia/sri_lanka/hall-of-fame-sl-2018/lanka-sportreizen/

අනිත් පැත්තෙන් ඩ්‍රියෙඩි ලිවේරා ජෙට්විංග් සමූහ ව්‍යාපාරයේ ලාබාතම කළමණාකාරවරිය වෙච්ච, මෙරට සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රයේ වැඩිම අත්දැකීම් සහ පළපුරුද්ද සහිත කාන්තාව!

Deirdre De Livera නම ගූගල් (Google) කරල බලන්න, ක්ෂේත්‍රයේ ඇය මොන වගේ කාන්තාවක්ද කියලා!

https://lk.linkedin.com/in/deirdre-de-livera-b314b8184

ඒත දැන් එයාගෙ දැනුමින් රටට වැඩක් ගන්න බෑ! හේතුව එයා රෝහිත රාජපක්ෂගේ නැන්දනිය..

වරප්‍රසාද දෙනවා නම් දෙන්නේ මේ වගේ ස්ට්‍රැටජි ප්ලෑන් කරන කමිටු නෙවෙයි ලොතරැයි මණ්ඩලයක සභාපතිධූරයක් වගේ දෙයක්..

මේ ඔවුන්ගේ විශේෂඥ දැනුමින් ප්‍රයෝජන ගැනීමක්! මේ ඔක්කොගෙන්ම UNP මඩ වෙබ් සයිට්කාරයො උස්සල ගත්තෙ ඥාති සම්බන්ධය..

(හැබැයි මේ අයට ගෝඨාභය, මහින්දගේ මල්ලි වීම ඒ කාලේ අවුලක් වුනේ නෑ! සැලකුවේ දැනුම සහ දැක්ම විතරයි)

ගිය ආණ්ඩුවෙන් කිසිම සුදුසුකමක් නැතුව රජයේ රස්සා ගත්තු, ටෙන්ඩර් ගත්තු උන් මේ ඇත්ත හංගලා බොරු උලුප්පලා මඩ පතුරනවා..

ශ්‍රී ලංකාවට ජයවේවා!