ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර දෙවන ටෙස්ට්
තරඟය මේ වන විට කරච්චි නුවරදී පැවැත්වෙනවා.

තරඟයේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් තම දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 2ක් දැවී ලකුණු 54ක් රැස් කරගෙන තිබෙනවා.

මෙහිදී නායක දිමුත් කරුනාරත්න දැවීයාමෙන්
අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් ලකුණු
නොලබාම දැවී ගියා.

නොදැවී පන්දුවට පහරදෙන ඔෂද ප්‍රනාන්දු
ලකුණු 23ක් ඇන්ජලෝ මැතිවිල්ලකුණු 09ක් ලබා
සිටිනවා.

තම දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දුන් පකිස්තාන
කණ්ඩායම කඩුළු 3 ක් දැවී ලකුණු 555ක් ලබාගෙන
සිටියදී සිය ඉනිම අත්හරිනු ලැබුවා.

අගනා ඉනිමක් ක්‍රීඩා කල නායක අසාර් අලි ලකුණු
118කට දැවී ගියා.පකිස්තාන දෙවන ඉනිම වෙනුවෙන් අගනා පිතිකරණයක නිරත වූ ශාන් මසුඩ් 135ක් ,අබීඩ් අලි 174ක් හා බාබර් අසාම් ලකුණු 100ක් රැස් කළා.

මේ අනුව තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී
ලංකාවට ලකුණු 476ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

අද තරඟයේ සිව්වන දවසයි.