පැහැ  රගැනීමකට ලක්වූ බවට අසත්‍ය තොරතුරු ලබාදීමේ චෝ දනාව මත අත්අඩංගුවට ගැනුණු ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැති නිලධාරිනිය දෙසැම්බර් 30 දක්වා රක්ෂිත බන්ධනා ගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකbරණය අද (16) නියෝග කර සිටියා.

මෙම කාන්තාව අද පස්වරුවේ අ පරා ධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නීතිපතිවරයාගේ උපදෙස් මත අත්අ ඩංගුවට ගනු ලැබුවේ රජය කෙරෙහි අපකීර්තියක් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම සහ සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීම යන චෝ දනා අනුවයි.

තමන්ව පැ හැරගත් බවට චෝද නා කළ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැති නිලධාරිනියගෙන් අප රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් සතියේ දින කිහිපයකදීම දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා.

එමෙන්ම අධිකරණ නියෝග අනුව ඇය අද දිනයේදී අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට යොමු කර එහිදී විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට ද ලක් කරනු ලැබුවා.

LEAVE A REPLY