පසුගිය ජනදිපතිවරණ සමයේ අවස්ථා කීපයකදිම රන්ජන් රාමනායක මහතා විසින් මහා සංඝරත්නයට සම්බන්ධව අපහාස සිදුකිරීම එකසත් ජාතික පක්ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනම දෙදරායාමට එක් හේතුවක් වූ බැවින් මෙම තත්වය සැලකිල්ලට ගෙන ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී රන්ජන් රාමනායක මහතාට නාම යෝජනා ලබානොදීමට තීරණය කෙරුණු බවත් එම ජේශ්ඨ නියෝජිතයා පැවසුවේය . පසුගිය කාලය තුලදී සෑම විටකම සංඝරත්නයට පහර ගැසීම නිසා ඉරාජ් වීරරත්න ඔහුට විරුද්ධ මතයක් දැරීම හේතුකොටගෙන ඉරාජ් විරරත්නට එරෙහිව නඩු ක්‍රියාමාර්ග වලට එලෙබෙන බවද රන්ජන් රාමනායක මහතා විසින් දැනුම් දී තිබිනි. එසේ නීතිමය ක්‍රියාමාර්ග වලට යෑමට තීරණය කල ඔහුට අමතක වු දෙයක් තිබේ ,එනම් අදිකරණයට අපහස කිරීම හේතුවෙන් ඔහුට විරුද්ධව අදිකරණයේ නඩු කිපයයක් ගොනු වී විබාග වමින් පවතින බවය , අවසානයේදී සිදු වුවේ අනුන්ට නඩු දමන්නට ගොස් තමන්ගේ නාමයෝජනාවද නැති කරගැනීමය, ඔහුගේ අධිකරණයට අපහස කිරීමේ නඩුව තව මාස කීපයකට කල් ගොස් ඇත. ඉරාජ් වීරරත්න පුතානෝ වීඩියෝවේ එම නඩු තීන්දුව පිලිබදව ඉගියක් පළකර ඇත, මෙතෙක් කල් ඉරාජ් ඔහුගේ ගීත නිර්මාණ තුලින් දුටු අනාගතය එලෙසම සිදු වූ නිසා නිසා මෙම නඩු තීන්දුව පිළිබදවඳ බොහෝදෙනෙක් විවිධ මත පලකරති.

සටහන -තිලින රුවන්

LEAVE A REPLY