මේ වනවිට ශ්රී ලංකාවේ‍ බහු ජාතික සමාගම් විසින් පුරවැසියන්ට විවිධ නම් වලින් විශ පොවමින් සිටියි. එහිදි DCD, මෙලමයින්න් අඩංගු බවට බහුලවම චෝදනා එල්ලවන්නේ මෙරටට ආනයනය කරන පිටි කිරි වලට  බව පහත දැක්වෙන වාර්තාවෙන් පෙනී යනවා.

මෙලමයින් (Melamine) නයිට්‍රජනීය රසායනික ද්‍රව්‍යක්. එහි අණුක ස්කන්ධයෙන් 67%ක් පමණ අඩංගුවෙන්නෙ නයිට්‍රජන්.

මෙලමයින් බහුලව පාවිච්චි වෙන්නේ,
ප්ලාස්ටික්, ෆෝමිකා, කෘමිනාශක, පිගන් බඩු වගේ කර්මාන්ත වල.

කිරි ප්‍රෝටීන කියන්නෙ නයිට්‍රජන් අදික ජීව අණුවක් නිසා කිරිවල තියන නයිට්‍රජන් වැඩිමනක් ලැබෙන්නේ ප්‍රෝටීන වලින්.

ඒනිසා කිරි වලට මෙලමයින් දාලා ප්‍රෝටීන ප්‍රතිශතය වැඩිබව පෙන්නන්න පුළුවන්.

මෙලමයින් acutely toxic වර්ගයට අයිති නොවුනට chronic toxic (දීර්ඝ කාලීනව බලපාන විස) වර්ගයට අයිතියි.
වකුගඩුවලදී හා පිත්තාශයේදී කැටි ගැසීම (මුත්‍රාශයේ හා පිත්තාශයේ ගල්) ප්‍රදානම බලපෑම වන අතර ඒවා පිලිකා දක්වා වර්ධනය වෙන්න පුළුවන්, විශේෂයෙන්ම cyanuric acid සමග එක් උනාම. ඒ නිසා 1mg/kg ලදරු කිරිපිටි සදහාද, 2.5mg/kg අනෙකුන් කිරි සදහාද උපරිම අනුමත අගයන් ලෙස පිලිගැනෙනවා.

2008 වසරෙ චීනයේ ලමුන් 3,000ක් පමණ වකුගඩු අකර්මණ්‍ය වී,
ඉන් 6 දෙනෙක් මරණයට පත් විය.
පරීක්ෂණ වලදී එම දරුවන්ට ලබාදී තිබුනු ලදරු කිරිපිටි වල මෙලමයින් නැමැති රසායනිකය මෙයට හේතු වූ බවට තහවුරු විය.
මෙම කිරිපිටි සපයා ඇත්තේ ලෝකයේ දැවැන්තම කිරි නිශ්පාදන සමාගමක් වන ෆොන්ටෙරා සමාගමේ අනු සමාගමක් වන සන්ලූ සමාගමෙන් බවත් එම කිරිපිටි තොගය ෆොන්ටෙරා සමාගමෙන් ආනයනය කරපු කිරිපිටි බවත් හෙලි විය.
ඔවුන් කිරි වල වටිනාම ප්‍රෝටීන කොටස එනම් whey protein කිරි වලින් වෙන්කර එසේ ඉවත් කරගත් අණු ප්‍රමාණයට සමාන වන ලෙස නයිට්‍රජන් අණු සහිත මෙලමයින් රසායනිකය කිරිපිටි වලට එක් කරනු ලැබේ.

මේ සිදුවීම නිසා ලොව පුරා කිරි වලින් සකසන ආහාර වල මෙලමයින් ඇත්දැයි පරීක්ෂා කිරීම ප්‍රචලිත වන විට ඒ වෙනුවට වෙනත් රසායනිකයක් භාවිත කර කිරි ආහාර නිශ්පාදනය කිරීමට මෙම කූට බහුජාතික සමාගම් සමත් විය.

ඒ DCD / Dicyandiamide

2012 අග බාගයේදී ෆොන්ටෙරා සමාගමෙන් නිපදවන කිරි වල DCD ඇති බව හෙලි විය. ෆොන්ටෙරා සමාගම එය පිලිගත් අතර එය තණකොල පිට්ටනි වල නයිට්‍රජන් තිර කිරීම සදහා යොදන ලද පොහොරක් ලෙසත් එලදෙනුන් තණකොල කෑමෙන් කිරි වලට එකතු වී ඇති බවත් පැවසීය.
DCD යනු කිසිම සෞඛ්‍ය ප‍්‍රශ්නයක් ඇති නොවන රසායනිකයක් බවත් DCD යනු පොහොර වශයෙන් තණකොලවලට දමන ලද රසායනිකයක් බවත් එය ඉතා ඉක්මණින් පරිසරයෙන් වියෝජනය වන බවත් එම රසායනය වර්ෂයකට දෙවරක් භාවිතා කරන බවත් එයද වසර දහයකටත් අඩුවෙන් රටේ භාවිතාකර ඇති බවත් නවසීලන්ත පොහොර සමාගම් විසින් ස්වේච්ඡවෙන් මෙම DCD විකිණීම නවතා ඇති හෙයින් 2012 දෙසැම්බර් වලින් පසු ඔවුන් නිෂ්පාදනය කරන කිරිවල DCD නොමැති බවත් ඉතා සැලසුම් සහගත ලෙස මෙම ප‍්‍රශ්නයෙන් ඉතා සාර්ථක ලෙස ගැලවීමට කරුණු කාරණා පෙලගස්වා ඉදිරිපත් කරන ලදී.
එහෙත් 2013 දීත් ඔවුන්ගේ කිරි පිටි වල DCD අඩංගු බව තහවුරු වුනා.
අනෙක කිරි වල DCD පැවතුන අධික සාන්ද්‍රණ සලකා බැලීමේදී මෙය හිතාමතා කිරි වලට මුසු කර ඇති බවට සාධාරණ සැකයක් ඇති විය..

DCD යනු රසයක් ගඳක් නැති ජලයේ දියවන විසිරි වියලනයේදී වාෂ්ප නොවන ස්ඵටිකරූපි කුඩු වශයෙන් එන රසායනිකයකි.
එය එක් අණුවක නයිට‍්‍රජන් අණු 04 ක් ඇති රසායනිකයකි.
මින්පෙර ව්‍යාජ ලෙස ප්‍රෝටීන් අගය පෙන්වීමට එක් කරන ලද මෙලමයින් ද රසක් නැති ගදක් නැති නයිට්‍රජන් අණු සහිත ද්‍රව්‍යයක් විය.එනම් DCD යනු අහම්බයෙන් කිරි වලට එකතු වූ දෙයක් නොව සිතා මතා ලාභය මුල් කරගෙන මෙලමයින් වෙනුවට පිටතින් එක්කල ද්‍රව්‍යයකි.

ප්‍රෝටීන අගය වැඩි කිරීමට DCD, මෙලමයින් යොදනවා පමණක් නොව මේදය සංයුතිය වැඩි කිරීමට ඕනෑම තෙල් වර්ගයක් ද කිරි වලට එක් කල හැක.ගන්ධයක් නැති විශේෂ රසක් නැති ඕනෑම තෙල් වර්ගයක් කිරි සමග දිය කර විසිර වියලනය (spray dried) කලහොත් පිටි බවට පත්වේ.
හරක් මස් තෙල්, ඌරු තෙල් හෝ මිලෙන් ඉතා අඩු Refined පාම් ඔයිල් බහුල වශයෙන් භාවිතා කෙරේ.
අධික මිලෙන් යුතු whey protein නිපදවන්නේ අවුන්ස ගණනින් නොව ටොන් ගණනිනි.

whey protein 1kg නිස්සාරණය කිරීමට කිරි ලීටර් 500ක් අවශ්‍ය වේ.
එනම් නිපදවන සෑම ටොන් එකක් සදහා කිරි ලීටර් ලක්ශ 5ක් අවශ්‍ය ය.
කිරිපිටි සමාගම් එම whey protein ටොන් 1 නිපදවා ඉතිරිවන ලීටර් ලක්ශ 5 ක දියරය ඉවතලනවා යැයි සිතිය හැකද?

මෙම සමාගම් විසින් තාක්ෂණයේ පිහිට ගෙන සහ අප වැනි රටවල තාක්ෂණයේ දුප්පත්කම යන දෙකම උපයෝගි කරගෙන මෙම ඉවතලන් කිරි නොවන කොටස ‘කිරි’ යැයි පැවසිය හැකි වෙලද භාණ්ඩයක් බවට පරිවර්තනය කරයි.
එනම් මෙම බහුජාතික කිරි නිශ්පාදන සමාගම්වල ප්‍රධාන නිශ්පාදන වන්නේ අධික ලෙස ලාභ ලැබිය හැකි whey protein, බටර් හා බටර් ආශ්‍රිත නිශ්පාදන නිපදවීම යි.

මෙම ප්‍රධාන නිශ්පාදන ඉවත් වූ පසු ඉතිරිවන රොඩ්ඩට සියලු දහජරාව දා නිපදවන කිරිපිටි මෙන් පෙන්වන කිරිපිටි නොවන ද්‍රව්‍ය අප වැනි රටවල් වලට විකුණන්නේ “ඉතා සුපිරිසිදු තණ බිම් වල එලදෙනුන්ගෙන් දොවාගත් නැවුම් එලකිරි වලින්” නිපදවන ආකාරයට ය.
ඒ සදහා රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය විසින් ලබා දෙන ප්‍රචාරණ ආධිපත්‍යය තුළ මිනිසුන්ගේ සිත් ගත් ජනප්‍රිය පුද්ගලයෙකු හරහා මිනිසුන්ගේ හදවතටම ආමන්ත්‍රණය කොට මේ දහජරාව මිනිසුන් ස්ව කැමැත්තෙන්ම පානය කරන තැනට වැඩ සලස්වයි.

මතභේදාත්මක ෆොන්ටෙරා සමාගම විසින් මෙරට වෙලෙඳපොලට නිකුත් කරන නිශ්පාදන කිහිපයක් පහතින් දක්වා ඇති අතර ඔබේ සෞඛ්‍යය පිලිබදව සිතනවානම් එම නිශ්පාදන භාවිතා කිරීමට ප්‍රතම එවායේ අන්තර්ගතය පිලිබදව සැලකිලිමත් වීම සුදුසු බව අපේ හැගීමයි.

LEAVE A REPLY