තමන් මෙරට ජනාධිපතිවරයා ලෙස පත් කර ගතහොත් මන්නාරම දිස්ත්‍රික්කය සංවර්ධනය සුරපුරයක් බවට පත් කරන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ මන්නාරම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති ජනහමුවක් අමතමිනි.

ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා විසින් මෙම ජන හමුව සංවිධානය කර තිබිණි.

මේ අතර රිශාඩ් බදියුදීන් අමාත්‍යවරයා පසුගියදා කියා සිටියේ මුස්ලිම් ජනතාවට රිසි සේ ජීවත් වීමටනම් සජිත් අනිවාර්යයෙන් ජනාධිපති කරවිය යුතු බවත් එසේ නොවුන හොත් මුස්ලිම් ජනතාවට කිසිවක් කරගන්නට නොහැකි තත්ත්වයක් උදා වන බවත්ය.

LEAVE A REPLY