2020 ජනාධිපතිවරණයේ තීරණාත්මක අවසන් සතිය උදාවී ඇත. සුපුරුදු පරිදි පාරාජයෙන් වියරු වැටී සිටින එජාපය සිය අවසාන තුරුම්පුව ලෙසද සුපුරුදු ලෙස මඩ අවලාද සහ අසත්‍ය සමාජ ගත කරමින් සිටී. මැතිවරණ ප්‍රචාරණ අවසන් සතිය මඩ සතියක් වන බවට පල වූ ඉඟි යථාර්තයක් කරමින් සමාජ ජාල මාධ්‍ය මෙන්ම අනෙකුත් මාධ්‍ය වෙත කෝටි ගණන් රාජ්‍ය මුදල් පොම්ප කරමින් සජිත් ප්‍රේමදාසගේ වැඩබැරි දාසලා ජනතාව රවටන්නට හැකි සෑම අයුරින්ම කටයුතු කරන්නේ 2015 මෙන් බොරුවෙන්ම මෙවරත් ජයග්‍රහණය කරන්නට හැකි යයි සිතන නිසාවෙනි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය පිළිබඳව යලිත් කතා කල එජාපය කියා සිටියේ ගෝඨා තවමත් ඇමරිකානු පුරවැසියකු බවත් ඔහු ඉදිරිපත් කරන ලියවිලි ව්‍යාජ ඒවා බවත්ය. නමුත් ඇමරිකානු රාජ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන ලියවිලි කූට ලෙස සකස් කල හොත් එයට අත්වන දඩුවම වසර 20ක සිර දඩුවමක් බව ඔවුන් නොදන්නේද? ගෝඨාභය එතරම් අවධානමක් ගෙන එසේ ලියවිලි ඉදිරිපත් කරන්නට තරම් මෝඩයකුද? අනික එසේ ව්‍යාජ ලියවිලි ඉදිරිපත් කර ජනාධිපතිවරණය ජයග්‍රහණය කලද රටේ අව්‍යස්තව අනුව ඔහුට ජනාධිපති වීමට නොහැකි බව මෙම ප්‍රචාර ගෙන යන එජාපය නොදන්නෙහිද? එක අතකින් ගෝඨාභය පුරවැසිබව ඉවත් කරගෙන නැත්නම් ඉන් ඉහලින්ම සතුටු විය යුත්තේ එජාපය ඇතුළු සජිත් පිලය හේතුව පරාජය වුවත් සජිත්ට ජනාධිපති වීමට ඉන් හැකියාව ලැබෙන බැවිනි.

නමුත් ඇත්ත කතාව එජාපය මෙවර මැතිවරණය අනිවාර්යෙන්ම පරාජය වන බව දනී ඔවුන් දැන් කරන්නේ ජනතාව මුලා කරමින් පුරවැසි භාවය මෙන්ම වෙනත් පදනම් විරහිත චෝදනා එල්ල කරමින් අවසාන මොහොතේ ගොටාභය මතට ලැබෙන චන්ද වෙනත් මගකට යොමු කරවීමයි. 2015 වසරේ සිට කරන චෝදනා තම ආණ්ඩුවක් තුල වසර 5ක් තිස්සේ ඔප්පු කරගන්නට නොහැකිවූ පසු බිමක පදනම් විරහිත මෙවන් චෝදනා එල්ල කරන්නේ මුළු මහත් ජනතාව අසත්‍යයෙන් මුලා කිරීමටය. නමුත් 2015 එසේ රැවටී වෙනසක් කරන්නට ගොස් අනාථ වූ  ජනතාව මෙදා එම බොරු වලට නොරැවටෙන බව සහතික වශයෙන්ම නොවැම්බර් 17 වනදා අවසන් වනවිට ඔප්පු වනු  ඇත.

එදාට මේ චෝදනා නැගු සියලුම දෙනාට නිතිය හමුවේ ජනතාව මුලා කිරීමට තැත්කිරීම හේතුවෙන් නිසි දඩුවම් ලබාදිය යුතු බව ජනතාවගේ මතයයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය පිළිබඳව සත්‍ය හෙලිකල මාධ්‍ය හමුව පහතින් නරඹන්න…

LEAVE A REPLY