අනුරකුමාර චන්දය ඉල්ලුවේ නිකම් නොවේ. රනිල්ගේ බඩගෝස්තරවාදී උපක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට බව දැන් නොරහසකි. ඒ දෙවන මනාපය සජිත්ට ලබා දී සජිත්ව ජයග්‍රහණය කොට රනිල් අගමැති කිරීමේ ඇමෙරිකානු මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහායි.

සත්‍ය දැන් හෙළිවී ඇත. පෙනී පෙනී රහස් සැලැස්ම ක්‍රියාත්මක වෙමින් තිබේ. UPFA – Brighter Future යනු UNP කඳවුර නියෝජනය කරන ප්‍රධානතම ෆේස් බූක් පිටුවයි. එහි අනුරට පළමු මනාපයත් දෙවන මනාපය සජිත්ටත් ලබාදෙන ලෙස කරන ඉල්ලා සිටී. ජවිපෙ නිර්මාතෘ ඇතුළු තරුණ තරුණියන් 60,000 කගේ ජීවිත කැපකොට රැක බලාගත් ජවිපෙ කඳවුර සගයන් වලපල්ලට යැවු යැංකි ඇමෙරිකානු බඩගෝස්තරවාදී අලියාට පාවාදීම අනුර කුමාරට හැර වෙන කිසිවෙකුට කල හැකිද? කෙසේ වුවද මුදලට කල නොහැකි දෙයක් නොමැති බව අවංක ජවිපෙ සාමාජිකයින් මේ වනවිට අවබෝධ වී ඇත.

අප විසින් ඔබ සියලු දෙනා මුලදීම දැනුවත් කල පරිදිම මොවුන්ගේ අවසාන තුරුම්පුව දැන්මම එලියට දැමීමට සිදුවීම දෛවයේ සරදමකි. ඒ සජිත්ගේ පරාජය මේ වනවිට සක්සුදක් සේ පෙනෙන නිසාය. මෙම සැලැස්ම කලින්ම් හෙළිවීම ජනතාවාදී විමුක්ති කඳවුරේ හෘද සාක්ෂිය අගයන සියලු සහෝදර සහෝදරියන්ට මහත් අස්වැසිල්ලකි.
නැතිනම් මේ සියලු දෙනා රනිල්ගේ රෙද්ද අස්සසට ඇද දැමීම අනුර කුමාර විසින් හොර රහසේම කරනු ඇත. මෙය සුළුපටු පාවාදීමක් නොවේ. ඓතිහාසික පාවාදීමකි. ලොව කිසිඳු රටක සමාජවාදී කඳවුර මෙතරම් පහසුවෙන් නව ලිබරල්වාදී කඳවුරකට පාවා දී නොමැත. මෙම පාවා දීමේ සුවිශේෂත්ව වන්නේ.1989 දී ජවිපෙ තරුණයින් 60,000ක් මරා දැමු රණසිංහ ප්‍රේමදාසගේ පුත්‍රයාට වීමය.

අනුරගෙන් කෙලින්ම ඇසිය යුත්තේ එකම එක ප්‍රශ්නයකි. ජවිප ෆේස් බුක් පිටුවේම සජිත්ට දෙවන මනාපය ලබාදෙන
සඳහන් නොකරන්නේ මන්ද යන්නයි.

අනුර අවංක කොන්ද පන තියෙන නායකයෙක් නම් කල යුත්තේ එක් සරල දෙයකි. ඒ ජවිපෙ මතවාදයට පරස්පර විරෝධී මතයක් අලි කඳවුරෙන් තමා නොදැනුවත්ව තමාගේ මුහුණේ චායා රුපයක් යොදාගෙන නිර්මාණය කරන්නේ නම් UPFA – Brighter Future පිටුව රිපෝර්ට් කිරීම පමණි.
අවසානයේ ජවිපෙ සාමාජිකයින් වන අපහට ඉතිරිව ඇත්තේ හද කම්පනය කරවන කලකිරීමක් පමණි..

LEAVE A REPLY