එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී ශ්‍රීනාත් පෙරේරා මහතාගේ නමට ලියාපදිංචි කොට ඇති ජාතික ජනතා පක්ෂය යටතේ මෙවර ජනාධිපතිවරණයට තරග වදින හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා පිළිබඳව සුවිසේෂි අනාවරණයක් අප වෙත වාර්තා වනවා සමාජජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පහත හඬ පට වලින් කියවෙන පරිදි NPM සන්ධානය දෙකඩ විමට ප්‍රධාන හේතුව වන්නේ මහේෂ් සේනානායක අපේක්ෂකයා ලෙස පැමිණීම බවයි ඉන් කියවෙන්නේ.

මේ කරුණු කරනා සලකා බලන කල අපට වැටහෙන්නේ මහේෂ් සේනානායක මෙන්ම මහා පම්පෝරි ගසමින් රට හදන්නට එන විද්වතුන් මෙහෙයවන්නේ තවත් දේශපාලන හස්තයක් බවයි. එය එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ එකක් බව සහ ඔවුන්ගේ අරමුණ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබෙන එක්සත් ජාතික පක්ෂ විරෝධී චන්ද මහේෂ් සේනානායක වෙත යොමු කිරීම විනා වෙන එකක් නොවන බව මහේෂ්ට කඩේ යන සැමට මතක් කර සිටිමු.

බොරුවෙන්ම මැතිවරණ ජයගෙන බොරුවෙන්ම වසර 5කට ආසන්න කාලයක් රට පාලනය ක‍ර කියූ එක බොරුවක්වත් ඔප්පු කරගන්නට නොහැකි බොරුකාර ආණ්ඩුව තවදුරටත් කරනා බොරු වලට නොරැවටී බුද්ධිමත්ව කටයුතු කිරීම රටේ අනාගතයට යහපත් බව අප ඔබට මතක් කර සිටිමු.

එජාප ශ්‍රීනාත් පෙරේරා මහතාගේ පුද්ගලික ලිපිනයට ලියාපදිංචි කොට ඇති මහේෂ් සේනානායකගේ පක්ෂයේ තොරතුරු. (මතිවර කොමිෂන් සභාවේ වෙබ් පිටුවේ සඳහන් පරිදි)

LEAVE A REPLY