එක්සත් ජිතික පක්ෂය සිය අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන්නට නොකරනා දෙයක් නොමැති බව අපට පෙනී යන්නේ ඔවුන් එක එක විගඩම් මාධ්‍ය හරහා නටවන්නට ඔවුන් දරනා උත්සාහය නිසාවෙනි. විටෙක රණවිරුවන් මිලට ගනී, විටෙක සහරාන්ලා සහ බෝම්බපිරි මඩ චිත්‍රපටි නිර්මාණය කරයි, හෙලිකොප්ටර් බාන්න බැරි වෙන්න ලයිට් කපුවා කියා අමු කෙප්ප පතුරවයි. නියත පරාජයේ වියරුවෙන් දඟලන ඔවුන්ගේ දහන් ගැට රටේ වාසනාවට ඔවුන්ම ලීක් කරගෙන රටටම විහිලු සපයමින් කුජිත ප්‍රචාරණ ව්‍යාපාරයක නිරත වෙමින් සිටී.

මේ අතර අලුත්ම මාධ්‍ය සංදර්ශනය ලෙස සජිත් හුරා ජනාධිපති පොජ්ජට මන්ගච්චවන්නට ආදිවාසි වැදී ජනතාව මාධ්‍ය හමුවකට ගෙනැවිත් ඔවුන්ට සජිත්ගේ ගුණ වයන්නට බල කරනා වීඩියෝවක් මාධ්‍යට නිකුත් වී ඇත. එජාප මන්ත්‍රීවරුන් කොපමණ මෝඩ දැයි රටටම පෙන්වමින් මාධ්‍ය හමුවේ අදහස් දක්වන ආදී වාසි පුද්ගලයින්ට මාධ්‍ය ඉදිරිපිට බලපෑම් කල හැටි පහත විඩියෝවෙන් දැක්වේ…

කණගාටුවට කරුණ නම් වැදි ජනතාව මුදලට රවටාගෙන කොලඹට ගෙනැවිත් ජනතාව රවටන්නට උත්සාහ කලත් මාධ්‍ය ඉදිරියේම අහිංසක ආදිවාසීන්ට බලපෑම් කරමින් එජාපය සිය නොහැකියාව රටටම පෙන්වීමයි. එක අතකින් එජාපයට කොහොමත් වැඩ බැරිය. වැඩ බැරි එජාපය වැඩ අනාගන්නවා සහ නාගන්නවා හැර වෙන කුමක්නම් කරන්නද?

LEAVE A REPLY