හතරවතාවක් දඹදිව වැඳපුදා ගත් කාන්තාවක් ගංජා ග්‍රෑම් 15 සමග ගාල්ල පොලිසියේ කොට්ඨාස දූෂණ ඒකකය මගින් 27 වනදා අත්අඩංගුවට ගෙන ඇත.

ගාල්ල – නුගදුව රතනජෝති මාවතේ පදිංචි 73 හැවිරිදි මෙම කාන්තාව තම මිනිබිරිය සමග ගංජා ජාවාරමේ යෙදෙන බවත්, මිනිබිරියට අයිති ගංජා කාන්තාව විසින් අලෙවිකරන බවත් පොලිසිය විසින් කරන ලද විමර්ශනවල දී හෙළි වී තිබේ.

ගාල්ල පොලිසියේ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උ. පො. ප ඩී. ජී ආනන්ද පො. සැ. 32108 කීර්ති, පො. කො. 58940 ප්‍රියදර්ශන, පො. කො. රි. 38464 පත්මකුමාර යන නිලධාරීන් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත. ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණී කැකුලළුව විසින් සැකකාර නාගදූව පදිංචි රණසිංහ ආරච්චිගේ මාලනී යන අයට රු. 50,000 දඩයක් නියම කළේය.

ගාල්ල පොලිසිය විසින් 28 වන දින සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.

LEAVE A REPLY