ඊයේ දිනයේ ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කරන ලද ඡන්ද තැපැල් ඡන්ද වලින් 80%ක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබී ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

ඊයේ දිනයේ දී ප්‍රකාශිත ඡන්ද වලින් සජිත් ප්‍රේමදාස මහතාටත් අනෙකුත් අපේක්ෂකයන්ටත් ලැබී ඇත්තේ 20% පමණක් යයිද ඔහු සඳහන් කළේය.මහරගමදී පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජන රැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජන රැළිය පැවැත්විණි

LEAVE A REPLY