ඇල්පිටිය පළාත් පාලන ඡන්දයෙන් ශ්‍රීලනිපය 12.7% ක ඡන්ද ප්‍රතිශතයක් ඉතාම අවාසිදායක තත්ත්වයදී පවා ලබා ගැනීම හේතුවෙන් බ්‍රැන්ඩි – සුරුට්ටු දේශපාලන පංතියේ න්‍යායාචාර්යවරුන් වන මලික් සමරවික්‍රම සහ මංගල සමරවීරගේ ඇස් ඇරී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. මෙම ඡන්ද ප්‍රතිපලය අනුව ලංකාව පුරාම තවමත් ශ්‍රීලනිපට ඡන්ද ලක්ෂ 14 ක් පමණ නොසෙල්වී තිබෙන බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ සටනට ශ්‍රීලනිපයේ සහයෝගය ලබා ගැනීමේ සාකච්ඡා සදහා සහභාගී වූ මලික් සමරවික්‍රම සහ ක්‍රිශාන්ත කුරේ කිසිදු අවස්ථාවක නියමාකාරයෙන් ගිවිසුම්ගත එකගතාවක් ශ්‍රීලනිපය සමග ඇති කර ගැනීමට සාකච්ඡා නොකළ අතර, අවසාන මොහොතේ ද අජිත් පෙරේරා මන්ත්‍රීවරයා ලවා “සජිත් ජනපති වූ විට රනිල් වික්‍රමසිංහ ම අගමැති බවට” පුරසාරම් බෑව්වේය. මංගලගේ මාධ්‍ය ඔස්සේ මේ සදහා විශාල ප්‍රචාරයක් ද ලබා දෙන ලදී. මලික් – මංගලලා උත්සාහ කළේ සජිත් සහ ශ්‍රීලනිපය යන දෙපාර්ශවයටම වාසිදායක කොන්දේසි යටතේ ගිවිසුම් සහගත සහයෝගයක් ලබා ගන්නවා වෙනුවට, ශ්‍රීලනිපයෙන් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු බා ගෙන ජනාධිපතිවරණ සටන දිනන්නටය.

එහෙත්, ගම් මට්ට්ටමේ දේශපාලන අවබෝධය බ්‍රැන්ඩි – සුරුට්ටු දේශපාලන න්‍යායාචාර්‍යවරුන්ට තවමත් නැති බව සක් සුදක් සේ ඔප්පු කරමින්, ඇල්පිටිය පළාත් පාලන ඡන්දයෙන් ශ්‍රීලනිපය 12.7% ප්‍රතිශතයක් ලබා ගත්තේය.

ඡන්ද දිනන මන්තරේ මෛත්‍රී ළග!

“ඡන්ද දිනන මන්තරේ මා ළගයැ”යි ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පවසද්දී, මලික්-මංගලලා ඔච්චමට සිනාසුණහ. එහෙත්, ඡන්ද දිනන මන්තරේ සැබවින්ම ඇත්තේ ශ්‍රීලනිපයට බව පැහැදිලි ලෙස ඔප්පු කරමින් ඇල්පිටිය පළාත් පාලන ඡන්ද ප්‍රතිපලය නිකුත් විය.

ශ්‍රීලනිපය ඇල්පිටිය ඡන්දයෙන් 12.7% ක් ලබා ගැනීමත් සමග ‘අශ්වයා ගිය පසු ඉස්තාලය වසා දමන්නට’ සජිත් ප්‍රේමදාස මහතාට දැන් සිදුව තිබේ. එජාප-ශ්‍රීලනිප සාකච්ඡා සම්බන්ධයෙන් ශ්‍රිලනිපයේ මතය වූයේ එජාපය බොරු කරන බවත්, කිසි විටක ගිවිසුම්ගත එකගතාවකට එජාපය ශ්‍රීලනිපය සමග නොපැමිණෙන බවත් ය. ඒ අනුව, පොහොට්ටුව වෙනුවෙන් පෙනී සිටි ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් බලය ක්‍රම-ක්‍රමයෙන් වැඩි වූ අතර, අවසානයේ ජනාධිපතිවරයා නිර්පාක්ෂිකව සිටීමේ ස්ථාවරයක් මත, පොහොට්ටුව සමග සන්ධානගත වීමට ශ්‍රීලනිපයට සිදුවිය. කෙසේවෙතත්, මලික්-මංගලලාගේ දේශපාලන මුග්ධභාවයේ අහිතකර ප්‍රතිපලය සජිත් ප්‍රේමදාස මහතාට විදගන්නට සිදුව තිබේ.

ජනාධිපතිවරණයට පසු මෛත්‍රී සටනට!

වැඩ ආවරණය කිරීමේ පදනම මත ශ්‍රීලනිපය සභාපතිධුරයේ කාර්‍යභාරය මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස වෙත නොවැම්බර් 18 දින දක්වා නිල වශයෙන් භාර කෙරුණි. නොවැම්බර් 18 දින සිට යළි පක්ෂයේ වගකීම භාර ගන්නා මෛත්‍රීපාල සිරිසේන, මීළඟ මහ මැතිවරණ සටනේ ආණ්ඩුව නිර්මාණය කිරීමේ තීරණාත්මක බලවේගය බවට ශ්‍රීලනිපය පත් කිරීමේ සටනට නායකත්වය ලබා දෙන බව ඉකුත්දා ප්‍රකාශ කර තිබුණි. ඇල්පිටිය ඡන්ද ප්‍රතිපලය අනුව එම සටන එතරම් දගලන්නට අවශ්‍ය සටනක් නොවන බව පෙනී යයි.

කුණකටු වැඩ

සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ සටනට තීරණාත්මක හානියක් මේ වන විටම සිදු කර ඇති මංගල සමරවීරලා, තවමත් කුණකටු දේශපාලනයේම යෙදෙන බව පෙනේ. වාර්තා වූ අන්දමට ශ්‍රීලනිපය රැක ගැනීමේ සංවිධානය නමින් දේශපාලන ලෝකයේ මොකෙක්වත් නොදන්නා රජික කොඩිතුවක්කු නමැති කළු කෝට් කාරයෙකු ඉදිරියට දමාගෙන, ශ්‍රිලනිපයේ බලය ඇල්ලීමේ වැඩ සටහනක් එක්සත් ජාතික පක්ෂයේ මංගල සමරවීර දියත් කර ඇත. ඉකුත්දා රජික කොඩිතුවක්කු නම් පුද්ගලයා මුල් කරගෙන මංගල සමරවීර ශ්‍රිලනිප සංවිධයකවරුන් කිහිප දෙනෙකු මංගලගේ නිවසට කැදවා සහයෝගය ඉල්ලා ඇත. එහෙත්, මංගලලාගේ බ්‍රැන්ඩි – සුරුට්ටු දේශපාලන න්‍යායන්ට නොවැටහෙන දේ නම්, ශ්‍රීලනිපයේ නායකයා මෛත්‍රීපාල සිරිසේන මිස රජික කොඩිතුවක්කු වැනි දේශපාලන අපතයෙකු නොවන බවයි. මෛත්‍රීපාල සිරිසේන සිට ගන්නේ කොතැනද, ශ්‍රීලනිප ඡන්ද ලක්ෂ 14 ද එතැන සිට ගනු ඇත.

මලික් – මංගලලා මෛත්‍රීට වැන්දත් පව් නෑ!

ඒ අනුව පොහොට්ටු වේදිකාවට ගොඩ නොවී නිර්පාක්ෂිකව සිටීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගත් තීන්දුව නිසා, මෛත්‍රීපාල සිරිසේනට මලික්-මංගල ලා මල් තබා වැන්දත් පව් සිදු නොවේ.

LEAVE A REPLY