තමන් එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකත්වය ලබා ගත්තේය තම තේජස්කමින් තම ශක්තිසම්පන්න භාවයෙන් හා ජන බලයෙන් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ජනාධිපති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.ඒ මහතා ජනාධිපතිවරණ ප්‍රචාරක රැළි ගාළු මුවදොරින් ආරම්භ කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

කෙසේ නමුත් එම රැළියේදීම අදහස් දැක්වූ එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සදහන් කලේ සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා දුන් බවකි. තම පාලනයක් යටතේ හොරකම් කරන වංචා කරන කිසිවකුට ඉඩක් නොතබන බවත් එවන් දේ කරන්නට කිසිවෙකු බලාපොරොත්තු වන්නේ නම් වේලාසනින් ඉවත් වන ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා ඉල්ලා සිටියේය.

LEAVE A REPLY