එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පළමු මැතිවරණ ප්‍රචාරණ ජන රැලිය අද කොළඹ ගාලු මුවදොර පිටියේදී අද පැවැත්වීමට සුදානම් කර ඇති බවට වාර්තා වනවා. ඒ සඳහා විශාල ජන සහභාගිත්වයක් සිදුවන බව එජාප ආරංචිමාර්ග පවසනවා.

දිවයින පුරාම පක්ෂ සංවිධායක වරුනට ලංගම හා පෞද්ගලික බස් යොදාගෙන හැකි තරම් පිරිස රැගෙන එන ලෙසට සංවිධායකයින් දැනුම් දී ඇති බවත් එක්සත් ජාතික පක්ෂ රජය යටතේ රැකියා පත්වීම් ලබාගත් සියලු දෙනාට තවත් පුද්ගලයින් දෙදෙනකු සමඟ මෙම රැලියට සහභාගී වීම අනිවාර්ය කරමින් ලිපි නිකුත් කර ඇති බවත් වාර්තා වනවා. එසේ නොකළහොත් රැකියාවෙන් ඉවත් කරන බවටද ප්‍රාදේශීය දේශපාලකයින් අනතුරු අඟවා ඇති බව සඳහන්.

LEAVE A REPLY