සුගත් සහ ධම්මි දැඩි ආතතියට ගො දු රු වී ජී වි තය අවුල් කරගත් අයුරු අප පළමු ලිපියෙන් ගැඹුරින් සොයා බැලුවා. ආතතිය අපේ ජීවිතයට විශාල ශක්තියක් ලබාදෙන මානසික ශාරීරික හා හෝමෝනමය ප්‍රතික්‍රියාවක්. එදා මුතුන් මිත්තන්ට මෙම ක්ෂණික ආතතිය ජීවිතය පවත්වා ගැනීමට අතිශයින් අවශ්‍ය වුණා. සතුන් පිටුපස ලුහුබැඳ යන්න, සතුරාගෙන් බේරෙන්න, සතුරා සමඟ සටන් කරන්න මෙම ශක්තිය විශාල වශයෙන් ප්‍රයෝජනවත් වුණා. මෙම ශක්තිය ලබාගැනීමට ශරීරය හා මනස අවදි කළ ප්‍රධාන හෝමෝන දෙකක් ගැන අපි සාකච්ඡා කළා. ඒවා නම් ඇඩ්‍රිනලින් (Adrenalin) හා කෝටිසෝල් (cortisol) නැමති හෝමෝනයි. නමුත් එදා මෙන් අද මිනිසාට මේ ආකාරයේ විශාල ශක්තියක් අවශ්‍ය වන්නේ බොහොම කලාතුරකින්. එවැනි ශක්තියක් අවශ්‍ය වූ අවස්ථා දෙකක් උදාහරණයක් මගින් සොයා බලමු.

එක අම්මා කෙනෙක් තම දහ හැවිරිදි දරුවා සමඟ පාර මාරුවෙමින් සිටියා. දකුණුපස සිට වේගයෙන් පැමිණි වාහනයක දරුවාව වැදුණා. දරුවාගේ එක කකුලක් ටයරයට යට වී තිබුණා. මෙය දුටු ඇය දැඩි ලෙස ආවේශ වී තත්පර ගණනක්වත් යාමට පෙර තම දෑතින් එම වාහනය ඔසවා අනෙක් පැත්තට පෙ රළා දැමුවා.

එක සොරෙක් පිටුපස පොලීසිය හඹා ගියා. ඔහු අධික වේගයෙන් පොලීසිය මගහරිමින් දුවගෙන ගියා. එසේ යන විට ඔහුට බාධකයක් ලෙස අඩි 12ක් උසැති තාප්පයක් හමු වුණා. පොලීසියට සිතාගන්නවත් බැරි ලෙස මොහු අඩි දෙක තුනක් තබා තාප්පයෙන් එහා පැත්තට පැන පලා ගියා.

ඉහත සිද්ධීන් දෙක අධ්‍යයනය කිරීමේදී පළමු කතාවේ කාන්තාව සහ දෙවැනි කතාවේ සො රාට මේ ආකාරයට ක්‍රියා කිරීමට අති විශාල ශක්තියක් ලැබුණේ කොහොමද? අපේ බය සහ හැඟීම් පාලනය කරන්නේ මොළයේ ඉතා ගැඹුරින් ගිලී ඇති ඇමිග්ඩෙලා (Amygdale) නම් කුඩා ඉන්ද්‍රිය මගිනි. ඇමිග්ඩෙලාට බය දැනුණු විට පිටියුටරි ග්‍රන්ථිය අවදි (Pituitary) කරවයි. පිටියුටරි ග්‍රන්ථියෙන් ස්‍රාවය වන හොමෝන සමඟ ඇඩ්‍රිනලින් සහ කෝටිසෝල් නැමති හෝමෝන වකුගඩු ළඟ තියෙන අධිවෘක්ක බාහිකයෙන් (Adrenal gland) ශ්‍රාවය වෙනවා. ඇඩ්‍රිනලින්වලින් මාංශපේෂීන් සහ මොළය අවදි කරන අතර කෝටිසෝල් වලින් අවශ්‍ය ශක්තිය මේදය සහ සීනි ලෙස ලබා දෙනවා. නමුත් අද මිනිසාට මෙවැනි ශක්තියක් අවශ්‍ය වන්නේ ඉතා කලාතුරකින්. අද අපි ආතතියට යන්නේ සැබවින්ම භීතිය හෝ ත්‍රාසය ගෙන දෙන සිද්ධීන් සමඟ නොවේ. නිවස, කාර්යාලය, පාසල හෝ අපි ජීවත් වන පරිසරය තුළ එදිනෙදා ඇතිවන සාමාන්‍ය ගැටලු සමඟයි. මෙම ගැටලු සමඟ බය, ඊර්ෂ්‍යාව, තරහ, කලබල වීම, මානසික පීඩනයට ගොදුරු වීම, නොසන්සුන්කම යනාදියයි. මෙවැනි ආතතිවලට අප ගොදුරැ වන්නේ ඒවා දෙස අප බැලීමට කුඩා කල සිට පුරුදු වී සිටින ආකාරය නිසාය. ආරොන් ටී බෙග් නැමති මනෝ විද්‍යාඥයා පැවසුවේ. පහත සඳහන් කතා හතර ඇසුරින් යම්කිසි පුද්ගලයකු කල් පවතින ආතතියට (Chronic stress) ගොදුරැ වන ආකාරය සොයා බලමු.

01. සෙව්වන්දිගේ කතාව
සෙව්වන්දි කොළම පාසලක උ/පෙළ විද්‍යාව විෂය හදාරන ශිෂ්‍යාවකි. ඇය උ/පෙළ පළමුවන විභාගයේ දී විෂයන් දෙකකදී A සාමාර්ථයක් ද, විෂයන් දෙකකට B සාමාර්ථයක් ද ලබාගෙන තිබුණි. ඇයගේ එකම අභිලාෂය වූයේ වෛද්‍යවරයෙක් වීමයි. නමුත් පළමුවර විභාග ප්‍රතිඵලවලින් ඇය තේරුණේ දන්ත වෛද්‍ය අංශයටයි. ඇය මෙයින් දැඩි කම්පාවටත්, පීඩනයටත් ලක් වූවාය. ඇගේ දෙමාපියන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ ද එකම සිහිනය වූයේ ඇය වෛද්‍යවරයෙකු වනු දැකීමයි. දෙවැනි වර විභාගයට සූදානම් වෙමින් සිටියදී විභාගයට මාසයක් තියා ඇය සම්පූර්ණයෙන්ම වෙනස් විය. හිසේ බර ගතිය, නින්ද නොයාම, පොත අතට ගත් විට නිදිමත ඒම, පොත අතට ගත් විට පපුවේ ගැස්ම වැඩිවීම, නිතර අමතක වීම සහ විභාගයට ළංවන විට දවසින් දවස බයවීම.

02. ධනූෂාගේ කතාව
ධනූෂා විවාහ වී දැනට වසර 02 ක්. විවාහයෙන් පසුව ඇය සැමියාගේ ගෙදර පදිංචිව සිටී. ධනූෂාට සැමියාගේ ගෙදර ටික දිනකින් අපායක් ලෙස දැනුණි. ඇයට නිතරම දැනුණේ තම සැමියා ඔහුගේ අම්මාට තමාට වැඩිය ආදරේ සහ ලෙන්ගතු බවය. ධනූෂාගේ සැමියාගේ බොහෝ වැඩ ඔහුගේ මව විසින් ඉටු කිරීම ද ධනූෂාට දැරිය නොහැකි ඊර්ෂ්‍යාවක් මෙන්ම තරහක් ද ඇති විය. නැන්දම්මා කිසි දිනෙක ලේලිට ආදරය නොකරන චරිතයක් ලෙස ධනූෂා නිතරම කල්පනා කළාය. ඇය නිතරම නැන්දම්මා සමඟ උරණ වූවාය. ධනූෂාට මේ ළඟදි සිට තද හිසේ කැක්කුම, උරහිස්වල වේදනාව, තරහ යාම, නින්ද නොයාම, සැමියා පිළිබඳ ඇති තරහව ආදියෙන් පීඩා වින්ඳාය.

ඉහත කතා 02ම අධ්‍යයනය කිරීමේදී අපට පෙනී යන්නේ කල් පවතින ආතතියට ගොදුරු වී ඇත්තේ එම ගැටලු නිසි ලෙස අවබෝධ කර නොගෙන ඒවා වැරදියට අවබෝධ කරගෙන ඇති නිසාය. පළමු කතාවේ සෙව්වන්දිට මුළු ජීවිතයම විභාගය වී තිබිණි. වෛද්‍යවරයෙක් වීම හැර වෙන විකල්පයක් ඇයට නොතිබිණි. ජීවිතයේ අරමුණු නිසි ලෙස හඳුනා නොගැනීම මෙහි ඇති ප්‍රබලතම විනාශයයි.

එහි දෙවැනි කතාවේ එන ධනූෂා ආතතියට ගොදුරු වී ඇත්තේ නැන්දම්මාගේ තිබෙන කිසිම හොඳක් නොදැකීම නිසාය. නමුත් මෙම කතාවේ එන නැන්දම්මා පුතාට මෙන්ම ලේලිට ද ආදරය කරන නිවස තුළ ඇති බොහෝ වැඩවලට උදව් කරන කාන්තාවකි. ආකල්ප හා විශ්වාසයන් මත තවත් කෙනෙකුගේ ජීවිතය තක්සේරු කිරීමට යාම නිසා මෙහි එන ධනූෂා තම ජීවිතය ආතතිය සමඟ අවුල් කරගෙන තිබේ.
මෙහි එන තාරිකා ආතතියට ගොදුරු වී තම ජීවිතය අවුල් කරගෙන ඇත්තේ තම දරුවා ඇතුළු කිරීමට එකම පාසලක් තෝරාගැනීම නිසාය. එම පාසල මඟ ඇරුණොත් ඇතුළු කරගත හැකි වෙනත් පාසලක් ඇයට නොවීය. මේ හැම ප්‍රශ්නයකටම එකකට වඩා විකල්ප යෝජනා ඇති බව අප කුඩා කල සිටම මනසට ඇතුළු කරගත යුතුය.

මෙහි එන කසුන් දැඩි ආතතිය සමඟ මිත්‍යා විශ්වාස ද එකතු කරගෙන තම ප්‍රශ්නය මත්පැනින් විසඳීමට උත්සාහ ගෙන ඇත. තමාට ඇතිවී තිබෙන පීඩන හා ගැටලු සාකච්ඡා කර විවෘත මනසකින් විසඳා ගැනීමට අවශ්‍ය දැනුම හා පරිචය ඔහු තුළ නැත.

අපි බොහෝ දෙනා අද ජීවත් වන ලෝකය තුළ ආතතින්ට ගොදුරු වී නොයෙකුත් මානසික රෝගවලින් ජීවිතය අවුල් කර ගන්නේ බොහෝ සරල ලෙස විසඳාගත හැකි ගැටලු නිසි ලෙස විසඳා නොගැනීමයි.

අපට එන ආතතින් කළමනාකරණය කර ගන්නේ කෙසේද?

1. ආතතියේ ලක්ෂණ කල්තියා හඳුනා ගැනීම.
නින්ද නොයෑම, හිසේ බර ගතිය, උරහිස්වල තද ගතිය හෝ වේදනාව, නිතර අමතක වීම, කෑම රුචිය වැඩිවීම හෝ අඩුවීම, නිතරම ශරීරයට දැනෙන විඩාව.

2. ව්‍යායාමයකට යොමුවීම.
නිසි ලෙස ව්‍යායාම කිරීම ආතතිය අවම කර ගැනීමට ඇති ඉතාම සාර්ථක ක්‍රමයකි. එමගින් ඔබට දැඩි ආතතියකට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය හොඳින්ම ලැබේ. ඕනෑම ව්‍යායාමයක් දිනපතා හෝ දවසක් ඇර දවසක් කළ යුතුය. නැතිනම් එහි නිසි ප්‍රතිඵල ලබාගත නොහැකිය.

3. වැඩ නිසි ලෙස බෙදාගැනීම.
කල් පවතින ආතතිය සමඟ ඔබගේ එදිනෙදා වැඩවල කල් දැමීම කළ හැකිය. පොඩි පොතක් ගන්න. ඔබ කළ යුතු දේ වැදගත් පිළිවෙළට ලියන්න. එදිනට වැදගත්ම දේ ඔබ  සොයා ගන්න. එයට මූලිකත්වය දෙන්න.

4. ඔබගේ හොඳම යාළුවෙකු සමඟ මෙම ප්‍රශ්නය කතා කරන්න. නමුත් ඔහුගෙන් ඔබගේ ගැටලුවට පිළිතුරු බලාපොරොත්තු නොවන්න. නමුත් ඔබ ගැටලුව හොඳම මිතුරා සමඟ සාකච්ඡා කිරීමෙන් ඔබගේ මනස විශාල ලෙස සැහැල්ලු වේ.

5. තරහ පාලනය කිරීමේ ක්‍රමවේද මනසට පුරුදු කරන්න. තරහක් ආ විට එය පාලනය කිරීමට ඔබට සුදුසුම ක්‍රමය ඔබ තෝරාගන්න. ඔබට ඒ පිළිබඳ අවබෝධයක් නැතිනම් මනෝ චිකිත්සකවරියක සමඟ ඒ ගැන සාකච්ඡා කරන්න.

6. ඔබගේ රුධිර පීඩනය, බර මෙන්ම රුධිරයේ නීති බලාගන්න. කල් පවතින ආතතිය සමඟ ඔබ ඉක්මනට ලෙඩ වීමට පුළුවන. මෙයට ප්‍රධාන හේතුව ශරීරය තුළ ප්‍රතිශක්තිය ඇති කරන සයිටොකයින් (cytokine) නැමැති ප්‍රෝටීන අපගේ ශරීරයට විරුද්ධ ප්‍රෝටීන ලෙස ක්‍රියා කර හෘද වස්තුව, අගන්‍යාසය, අපගේ සෛල ක්‍රමයෙන් විනාශ කිරීමට ලක් කරයි. ඔබ හෘද රෝගියෙක් වීමත් දියවැඩියාවට ගොදුරු වීමත්, පිළිකාවලට ගොදුරු වීමත් මේ සමඟ නොදැනුවත්වම සිදුවේ.

7. කල් පවතින ආතතිය (Chronic stress) සමඟ මානසික අවපීඩන තත්ත්වයට ඔබ ගොදුරු විය හැකි බව සමීක්ෂණ වලින් තහවුරු වී ඇත. මානසික අවපීඩනයට සෑම පස් දෙනෙකුගෙන්ම එක් කෙනෙක් ගොදුරු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. ජීවිතය එපාවීම, කලකිරීම, නින්ද නොයාම, ජීවිතය නැතිකර ගැනීමට ඇති ආශාව, තමාගේ සියලු වැඩ කටයුතු අසාර්ථක වීම මානසික අවපීඩනයේ ප්‍රධාන ලක්ෂණයි. මීට හේතුව නම් කල් පවතින ආතතිය සමඟ ශරීරය තුළ ප්‍රතිශක්තිකරණයට අදාළ “සයිටොකයින්” (cytokines) නැමැති ප්‍රෝටීන ශරීරයට විරුද්ධ ක්‍රියා කර සතුට ගෙන දෙන රසායන ද්‍රව්‍ය වන ඩෝපමින් (Dopamine) සෙරටොනින් (Serotonin) BDNF – (Brain Derived Neurotropic Factor) සාධකය නිපදවීම අඩාල කරයි. නමුත් ඔබට මානසික අවපීඩන ලක්ෂණ පහළ වුණු සැණින් ජීවිතය එපාවීම හෝ කලකිරීම වැනි මනෝ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීමෙන් අවපීඩන තත්ත්වයෙන් මනස මුදවාගත හැකිය. ව්‍යායාම, ක්‍රීඩා කිරීම, ආදරය කරන අය ළඟට ළංවීම, සමාජශීලී වීම, තනි නොවීම ද මීට යොදාගත හැකි අනිත් සාර්ථක ක්‍රමවේදයන්ය.

 කිරිබත්ගොඩ මූලික රෝහලේ
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

LEAVE A REPLY