ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වය අ ව දා නමකට ලක් කරමින් ඊයේ (30) සිවිල් සමාජ ක්‍රියාධරයන් දෙදෙනෙකු විසින් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කිරීමත් සමග රාජපක්ෂ මහතාට සහාය සදහා ඉදිරිපත් වූ පිරිස්වල විශාල මන්දෝත්සාහී බවක් ඇතිවී තිබීම හේතුවෙන්, එය පාලනය කර ගැනීම සදහා රාජපක්ෂ මහතාට වාසිදායක මත පළ කරන පේනකරුවන්ගේ ප්‍රකාශ ප්‍රචාරය කිරීමට රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක කණඩායම ක්‍රියාත්මක වී තිබේ.

ඒ අනුව ‘මව්බිම’ පුවත් පත, දෙරණ අරුණ සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමාජ මාධ්‍ය ප්‍රචාරක කණඩායම මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජය ගන්නා බවට අද (1) පේනකරුවන්ගේ මත පදනම් කරගනිමින් පුවත් පළ කර තිබේ.

එසේම, ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මහතා සදහන් කළේ අභියාචනාධිකරණ නඩුව නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළකරන්නන් අතර විශාල මන්දෝත්සාහීබවක් ගොඩ නැගිය හැකි බවයි.

LEAVE A REPLY