හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (01) මෝෂමක් ගොනු කරමින් විදේශ ගත වීමට ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරනයෙන් ඉල්ලීමක් සිදුකරන තිබෙනවා. මේ මස 09 වැනි දා සිට 12වැනි දා අතර කාලය තුළ වෛද්‍ය පරීක්ෂණයකට සහභාගි වීමට විදේශගත වීමට අවසර ලබා දෙන ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

තවද තම සේවාදායකයා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බැවින් ඔහු ශ්‍රී ලාංකික පුරවැසියකු බවට තහවුරු කිරීමට ද විදේශ ගමන් බලපත්‍රය මුදාහරින ලෙසට විත්ති පාර්ශ්වයේ නීතිඥවරයා ඉල්ලා සිටියා.

මෙම ඉල්ලීමට විරුද්ධ නොවන නමුත් අවශ්‍ය වෛද්‍ය සහතික පරිශීලනය කිරීමට කාලය අවශ්‍ය බැවින් මෙම ඉල්ලීම ඔක්තෝබර් මස 03 කැදවීමට නීතිපතිවරයා ඉල්ලා සිටියා. ඒ අනුව මෙම ඉල්ලීම ඔක්තෝබර් මස 03 වැනි දා කැදවීමට දින නියම කරන ලදී.

ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ පවතිනවා.

කෙසේ වෙතත් වාර්තා වන නවතම තොරතුරු වලට අනුව රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය සහ ශ්‍රී ලංකික පුරවැසි පුරවැසි භාවය ලබාගැනීම මෙන්ම ශ්‍රී ලංකික හැඳුනුම්පත පිළිබඳවද මතභේදාත්මක තත්වයක් උද්ගත වී ඇති අතර අධිකරනයේ නඩුවක්ද ගොනු වී පවතිනවා.

වෛද්‍ය පරීක්ෂණ මුවාවෙන් විදේශ ගමන් බලපත්‍රය ලබාගෙන ජනාධිපතිවරණය ඇතළඟ තබාගෙන ජනාධිපතිවරණ අපේක්ෂකයකු හදිසියේ විදේශගත වන්නේ ඇයිද යන්න ජනතාවට ඇති ගැටලුවයි.

LEAVE A REPLY