ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය පිණිස සියලු දේශපාලන පක්ෂ සිය දේශපාලන  උපාය මාර්ග යුහුසුළුව මෙහෙයවමින් සිටින කාලවකවානුවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය ස්ථාවරය හෙට දිනයේදී ප්‍රකාශ කිරීමට නියමිතව පවතිනවා. කෙසේ වෙතත් මේ වනවිට එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස මහතා සහ පොදුජන පෙරමුණ සිය අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් කොට තිබෙන පසුබිමක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය දෙපිලටම තීරණාත්මක වන බව පැහැදිලි කරුණක්.

පසුබිම මෙසේ තිබියදී අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් සම්මේලනය අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ “පොහොට්ටුව” ලකුණ දිනවීමට තම ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානම් නොමැති බවයි. ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය තීරණාත්මක බලවේගය නිදහස් පක්ෂය බැවින් තමන්ගේ සහාය ලබා ගැනීමට නම් පුළුල් සන්ධානයක් සහ පොදු ලකුණක් ඉදිරිපත් කලයුතු බව ජනාධිපතිවරයා පක්ෂ සාමාජිකයින් හා පක්ෂයේ දේශපාලන ප්‍රභලයින් අමතමින් වැඩිදුරටත් කියා සිටියා.

තම ජයග්‍රහණය පිණිස නිදහස් පක්ෂයේ සහයෝගය අත්‍යවශ්‍ය බවට දෙපිලේම අපේක්ෂකයින් ඉල්ලා සිටින මොහොතක ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශකිරිම ජනාධිපතිවරණය දිනන්නට අවශ්‍යනම් නිදහස් පක්ෂයේ ස්ථාවරයට අනුව ක්‍රියා කලයුතු බව සියලු දෙනාට මතක් කරදීමක් ජනාධිපතිවරයා මෙහිදී සිදුකල බව දේශපාලන විචාරකයින් පවසා සිටිනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පහතින් නරඹන්න…

LEAVE A REPLY