කුප්‍රකට මහනුවර, ගාල්තැන්න ශ‍්‍රී භද්‍රකාලී අම්මාන් දේවාලයට කො ල්ල  ක රුවන් පිරිසක් ක ඩා වැ දීම ආන්දෝලනයට තුඩු දී තිබේ. ඊයේ අලුයම දේවාලයට ඇතුළු වූ පිරිසක් එහි සේවකයින් සහ දේවගැතිවරයා බැඳදමා මෙලෙස රත‍්‍රං සහ මුදල් පැ හැ  ර ගෙන ගොස් තිබේ.

කලක පටන් මහා හාස්කම් ඇති පුද්ගලයෙකු ලෙස මාධ්‍ය මගින්ද හුවා දැක්වූ මෙම දේවාලයේ කුපක්‍රට දේවගැතිවරයා දේවාලයට ඇතුළු වූ අවස්ථාවේ ඔහු අල්ලා බැඳ කාමරයකට රැගෙන ගොස් වසා දමා තිබේ. එහිදී කො ල්ල ක රු වන් 06 දෙනෙකු පැමිණරුපියල් ලක්ෂ 04 ක මුදල් සහ කිලෝ 10කට අධික රන් ආභරණ කොල්ලකා ප ළා ගොස් තිබුණා.

මේ සම්බන්ධයෙන් තලාතුඔය පොලිසිය විමර්ශන ආරම්භ කළ අතර මාර්ගය දෙපස CCTV දර්ශන පරික්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව සහ ලැබුණු තොරතුරු මත මෙම සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථය සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.

අදාළ ත්‍රිරෝද රථය ඔස්සේ සිදු කළ විමර්ශනවලින් අනතුරුව එම අ  ප රා ධ ය ට පැමිණි සැකකරුවන් 04 දෙනෙකු අද (26) අලුයම වන විට අ ත්අ ඩං ගු වට ගැනීමට හැකි වී තිබෙනවා.

එම කො ල්ල යෙ න් ලද රුපියල් ලක්ෂ 500ක වටිනාකමකින් යුත් කිලෝග්‍රෑම් 10කට අධික රන් ආභරණද සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.

මේ අතර මෙම කු ප්‍ර ක  ට දේවාලය පිළිබඳ සහ එහි  වං ච නි  ක කපුවා පිළිබඳව දිගින් දිගටම හෙළිදරව් කළේ නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහන විසින් වීම විශේෂත්වයකි. මෙම කපුවාට අභියෝග කරමින් බැලුම්ගල කණ්ඩායම ගාල්තැන්න දේවාලයටම ගොස් එහි වංචා දූ  ෂ  ණ සිදුවන අයුරු පටිගත කරගෙන පැමිණීම එවකට සමාජයේ දැඩිව කතාබහට ලක් වුනා.

LEAVE A REPLY