ගෝඨාභය රාජපක්ෂ මහතාව අත් අඩං ගුවට ගැනීම සඳහා අප රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද බවට දෙරණ මාධ්‍ය ජාලය පළ කර ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පවසයි.

මෙම පුවත පිළිබඳව අප කළ විමසීමකදී අප රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසියකුව සිටියදී 2005 වසරේ පැවති ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කළ බවට ලැබී ඇති පැමිණිල්ලට අදාළ විමර්ශනය පිළිබඳ අධිකරණයට කරුණු දැක්වීමක් විනා අත් අඩං ගුවට ගැනීමක් හෝ වෙනත් කිසිදු ඉල්ලීමක් තමන් අධිකරණය වෙත ඉදිරිපත් නොකළ බවයි.

විමර්ශනයේ ඉතිහාසය සහ කරුණු දැක්වීම

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසිභාවයක් නොමැතිව සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී නීතිවිරෝධී ලෙස 2005 වසරේ ඡන්දය භාවිතා කර ඇති බවට ගාමිණී වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර යන සිවිල් සමාජ ක්‍රියාකාරියකයින් දෙදෙනා විසින් පසුගිය අගෝස්තු 05 වනදා පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. එය පසුදිනම විමර්ශන කටයුතු සඳහා අප රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ ද වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මැදිහත් වී එම විමර්ශනය කොළඹ අප රාධ කොට්ඨාශය වෙත යොමු කරන ලදී. එහෙත් කොළඹ අ ප රාධ කොට්ඨාශය මෙම විමර්ශනය තමන්ට කළ හැකි එකක් නොවන බව වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දීමෙන් අනතුරුව අගෝස්තු 15 වනදා සිට යළිත් මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කෙරිණි.

ඒ අනුව මේ වනවිට මාසයකට අධික කාලයක් විමර්ශන කටයුතු සිදුකර ඇති බැවින් නීතිමය ක්‍රමවේදයට අනුව එම විමර්ශනය පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අ ප රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරුණු දැක්වීමක් සිදුකර තිබේ. මින් ඉදිරියට ඔවුන්ට විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳව බී වාර්තාවට කරුණු එකතු කරමින් අධිකරණය දැනුවත් කළ හැකිය. සිදුවී තිබුණේ එපමණකි.

ගෝඨාගේ බංකොලොත්කම වහන්නට බො රු කීම

එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අසාර්ථක වීම නිසා කරකියාගත හැකි දෙයක් නොමැතිව සිටින, එම ව්‍යාපාරය භාර දෙරණ මාධ්‍ය ආයතනය විසින් ගෝඨා අත් අඩංගුවට ගැනීමේ වෑයමක් ගැන මෙම ව්‍යාජ පුවත පැළ කර තිබේ. මේ හා සමානම පුවතක් හිරු මාධ්‍ය ජාලය විසින් ද පළ කර තිබුණු අතර පසුව එය ඉවත් කරගෙන තිබිණි.

මෙසේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපෘතිය වෙනුවෙන් අතේ පත්තුවන බො රු ගොතන්නට දෙරණ මාධ්‍ය ජාලය උත්සාහ කළ තුන්වැනි අවස්ථාවයි මේ. අගෝස්තු 11 වනදා ආරම්භ කරනු ලදුව, මේ වනවිට හාන්සි වී ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපෘතියට ඔවුන් හුලං ගසන්නට හදන්නේ මේ ආකාරයේ අමූලික බොරු වපුරමිනි.

මේවායින් සිදුවන්නේ දෙරණේ නි රුව ත පමණක් නොව ගෝඨාගේ ප්‍රචාරණ ව්‍යාපෘතිය කොතෙක් බංකොලොත් වී ඇත්ද යන්නත් රටට හෙළිදරව් වීම පමණි. සරලව කිවහොත් දෙරණ මේ උදව්යැයි සිතාගෙන කරන්නේ ගෝඨාගේම රෙදි ගැ ළවීමය.

LEAVE A REPLY