යාපනය විශ්වවිද්‍යාලයේ ස්වාධීන සිසුන් 25 දෙනෙකු විසින් සිදු කරනු ලැබූ ජන මත සමික්ෂණයක ප්‍රතිඵල නිකුත් ව තිබේ.

එම සිසුන් විසින් එම සමීක්ෂණයට ගෝඨාභය රාජපක්ෂ,මෛත්‍රිපාල සිරිසේන,රනිල් වික්‍රමසිංහ,සජිත් ප්‍රේමදාස,අනුර කුමාර දිසානායක,කරූ ජයසූරිය යන දේශපාලනඥයින්ව පාදක කරගනිමින් සිදු කර ඇත.

ඒ අනූව උතුරේ විවිධ ප්‍රදේශවල 16,000 දහසකට ආසන්න ජනතාවවක් කේන්ද්‍ර කරගනිමින් මෙම සමීක්ෂණය සිදු කර ඇති අතර එහි ප්‍රතිඵලය අනූව වත්මන් ජනාධිපතිවරයා 39.38% ක ජන ප්‍රසාදයක් උතුරු පලාත තුළ දිනාගෙන ඇති අතර සජිත් ප්‍රේමදාස මහතා ලබා ගෙන ඇත්තේ 35.66% ජන ප්‍රසාදයක් ලබා ගෙන තිබේ.

වත්මන් ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 10.12% පමණ ජන ප්‍රසාදයක් දිනා ගෙන තිබේ.කරූ ජයසූරිය මහතා 2.62% ප්‍රතිශතකුත්,අනුර කුමාර දිසානායක මහතා 5.73% ප්‍රතිශතයක ජන ප්‍රසාදයක් ලබා ගෙන තිබේ.

මේ අතර ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි ලෙස පසුබෑමකට පත්ව ඇති අතර ඔහු ලබා ගත් ප්‍රතිශතය වන්නේ 6.46% කි.

යම් හෙයකින් ජනාධිපතිවරයා සහ සජිත් ප්‍රේමදාස මහතා එක් වුවහොත් මෙවරත් උතුරෙන් වාර්තාගත ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කිරිමට එම පාර්ශ්වයට හැකි වනු ඇත.

ජනාධිපතිවරයා එක්වන පාර්ශ්වයට මෙවර ජනාධිපතිවරණයේ දී දැඩි වාසි සහගත තත්වයක් ඇති වනු ඇති බව මෙම සමික්ෂණයෙන් පෙනි යයි.

මේ අතර ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරිමට නම් උතුරේ සැලකිය ඡන්ද ප්‍රමාණයක් ලබා ගත යුතු එය ලබා ගත හැකි අපේක්ෂකයා ජනාධිපතිවරණය ජය ගනු ඇත.

එම සමීක්ෂණ වාර්තාවේ ප්‍රතිඵල පහතින්

LEAVE A REPLY