ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය තුළ ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීමකට එක්වූ පළමු අවස්ථාව ලෙස සටහන් කරමින් පාර්ලිමේන්තුවේ ජා ති ක ආ ර ක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (11දා) පෙරවරුවේදී එක්ව තිබේ.

ත‍්‍ර   ස්ත වදයවැළැක්වීමට අවශ්‍ය නීති සංශෝධනය සහ නව නීති පැනවීම කඩිනම් කිරීමට ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දී තිබේ.

ජා තික ආරක්ෂා ව පිළිබඳ ගතයුතු තීන්දු තීරණ කිසිසේත් ප‍්‍රමාද නොකළ යුතු අතර ඒ වෙනුවෙන් ගතයුතු තීන්දු තීරණ එම මොහොතේදී ම නිසි පරිදි ගැනීම ඉතා වැදගත් බව ජනපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

ජා තික ආ  රක්ෂාව ප‍්‍රධාන තේමාව කර ගනිමින් ආගමන හා විගමන කටයුතු, ත‍්‍ ර ස්ත   වා ද ය ට මුදල් සැපයීම, වෙ බ් ප‍්‍රකාශ සහ අ ස ත්‍ය ප‍්‍රචාර, ස යිබර් ආ රක්ෂාව, අධ්‍යාපන ක‍්‍රමය ආදි  ක්ෂේත‍්‍ර ගණනාවක් පුරා විහිද යන ප‍්‍රධාන අංශ 15ක් යටතේ කරුණු සොයා බැලීම මෙහිදී සිදු කෙරෙයි.

එම වාර්තාව නුදුරේ දී ම පාර්ලිමේන්තුව වෙත භාරදීමට නියමිතය. මෙම කමිටුවේ සභාපතිත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා විසින් දරනු ලබයි.

LEAVE A REPLY