කැබිනට් නොවන ජනමාධ්‍ය ඇමති රුවන් විජේවර්ධන සහ රූපවාහිනී පාලනාධිකාරිය අතර ඇතිවූ නොනවතින ගැ ටු ම පා ල නය කිරීමට රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට ජනාධිපතිවරයා විසින් ගැසට් කර, ප වරා ගැනීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට රුවන් විජේවර්ධන අමාත්‍යවරයා විසින් අද කැදවා තිබූ මාධ්‍ය සාකච්ඡාවේදී ‘රාජපක්ෂ පාලන සමයේ අදට වඩා හොද මාධ්‍ය නිදහසක් තිබුණා යැයි ඒත්තු ගැන්වීමට අමාත්‍යවරයා දැරූ උත්සාහය නිදහස් මාධ්‍යවේදීන් ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.

“යු ද්ධ ය පැවති කාලයේදීවත් මාධ්‍ය ආයතන ආරක්ෂක අමාත්‍යාංශයට පවරා නොගත් බවට” රුවන් විජේවර්ධන කැබිනට් නොවන මාධ්‍ය අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ඔහු වෙත මෙම විරෝධය පළවී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රවීන පුවත් පත් තීරු රචකයෙකු අප වෙත කියා සිටියේ “ඒ කාලේ රාජපක්ෂ ලා මාධ්‍ය පාලනය කළේ ගැසට් ගහ ගහ නෙමෙයි, මාධ්‍යවේදීන්ව කෙලින්ම ස්ව ර්ගයට යවලා” බවයි.

මාධ්‍ය පවුලකින් පැවත එන රුවන් විජේවර්ධන වැනි අයෙකු මේ ආකාරයට රාජපක්ෂලාගේ මාධ්‍ය මර්දනයට සුදු හුණු ගෑම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ අනෙකුත් මාධ්‍ය සංවිධාන කිසිසේත් නිහඩව දරා සිටිය යුතු නොවන බව ද එම තීරු ලිපි රචකයා අප වෙත අවධාරණයෙන් කියා සිටියේය.

එසේම රාජපක්ෂ යුගයේදී ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් 36 දෙනෙකු මි ය ගි ය හෝ අ  තු රු දන් වූ බවත්, උපාලි තෙන්නකෝන්, කීත් නොයාර්, පෝද්දල ජයන්ත, මන්දනා ඉස්මයිල් අබේවික්‍රම ඇතුළු මාධ්‍යවේදීන් හා මාධ්‍යවේදිනියන්ට ප හ ර දුන් බවත්, ඒ සියල්ල රුවන් විජේවර්ධන අමාත්‍යවරයාට අමතක වීම පුදුම සහගත බවත්, රුවන් විජේවර්ධන අමාත්‍යවරයා ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රසිද්ධ පුවත් පත් කතුවරියක් අපෙන් විමසුවාය.

රුවන් විජේවර්ධන මාධ්‍යවේදීන් ගේ මිතුරෙකු ලෙස මෙතෙක් අප සැලකුවද, රාජපක්ෂ යුගය ගැන සුදු හුණු ගෑම ලැජ්ජා සහගත ක්‍රියාවක් බව කෙළින්ම කිව යුතුව ඇතැයි ද එම කතුවරිය පැවසීය.

කෙසේවෙතත්, රුවන් විජේවර්ධන අමාත්‍යවරයා ගේ ප්‍රකාශය රාජපක්ෂලා විසින් අදට වඩා යහපත් මාධ්‍ය නිදහසක් රාජපක්ෂ යුගයේ පැවති බව ඔප්පු කරන්නට යොදා ගනු නොඅනුමානයැයි පැවසූ ඇය, ඊට පෙර රුවන් විජේවර්ධන අමාත්‍යවරයා ගේ වගකීම් විරහිත ප්‍රකාශය හෙළා දකිමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය ඇතුළු මාධ්‍ය සංවිධාන වහාම ප්‍රකාශ නිකුත් කළ යුතුව ඇතැයි ද පෙන්වා දුන්නාය.

LEAVE A REPLY