S13 වර්ගයේ අති සුඛෝපබෝගී දුම්රියක් අද දිනයේ සිට දිනපතා පොලොන්නරුව බලා ධාවනය කෙරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වෙන අතර එහි මංගල ගමන්‍ වාරය සඳහා ජනාධිපතිවරයා එක්වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පොලොන්නරුව ප්‍රදේශයේ සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රැකියාවට පැමිණෙන පිරිස් දිගු කලක සිට මුහුණදුන් ප්‍රවාහන දුෂ්කරතා වලට විසඳුමක් ලබා දෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දුම්රිය දෙපාර්තමේන්තුවට හා විෂය භාර අමාත්‍යවරයා වන අර්ජුන රණතුංග මහතාට ලබාදුන් නියෝගයකට අනුව මෙම නවීන නගරාන්තර සීග්‍රගාමී දුම්රිය ධාවනයට යෙදවීමට කටයුතු සලසා තිබේ.

“පුලතිසි“ ලෙස නම් කර ඇති එම දුම්රිය අද(11) පස්වරු 03.05ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට පොලොන්නරුව බලා ධාවනය කිරිමට සැලසුම් කර තිබේ. එම දුම්රිය අද රාත්‍රී 07.47ට පොලොන්නරුව දුම්රිය ස්ථානයට ලඟාවිමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පොලොන්නරුව බලා ධාවනය වන “පුලතිසි” දුම්රිය හෙට පෙරවරු 03.45ට යලි පොලොන්නරුව දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරන අතර එය පෙරවරු 09.08ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟාවෙනු ඇත.

මෙම නව සීඝ්‍රගාමී දුම්රිය පොල්ගහවෙල, කුරුණැගල, මහව, කැකිරාව, හබරණ, සහ හිගුරක්ගොඩ යන දුම්රිය ස්ථානවල නවත්වන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය.

වායු සමීකරණය කරන ලද පළමු පන්තියේ මැදිරියක්ද, දෙවැනි පන්තියේ මැදිරියක් සහ තෙවැනි පන්තියේ මැදිරි 3 කින්ද මෙම දුම්රිය සමන්විත වනු ඇත.

– දුම්රිය අංක 6075 දරණ ගමන් වාරය පහත දැක්වෙන පරිදි සැලසුම් කොට ඇත.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව.03/05 ට ගමන් ආරම්භ කර, පොළොන්නරුව දුම්රිය ස්ථානයට රාත්‍රි 07/47 ට ළඟා වීමට නියමිත වේ.

නවත්වන දුම්රිය ස්ථාන (6075)

පොළොන්නරුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව.03/45 ට ගමන් ආරම්භ කර කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පෙ.ව. 09/08 ට ළඟා වීමට නියමිත වේ.

නවත්වන දුම්රිය ස්ථාන (6076)

LEAVE A REPLY