අද (10) පස්වරුවේ පැවැත්වීමට නියමිත රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවේ ප්‍රතිඵලය මත අජිත් පී. පෙරේරා සහ සුජීව සේනසිංහ යන අමාත්‍යවරුන්ගේ තනතුරු පිළිබඳ අ ව ස න් තීරණය ද රඳා පවතිනු ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.

පක්ෂයේ වි න ය ක ඩ  කිරීම, පක්ෂ නායකත්වයට අ  ප හා ස කිරීම ඇතුළු බ ර ප ත ළ චෝ ද නා ගණනාවක් අජිත් පී.ට සහ සුජීව සේනසිංහට එරෙහිව එ ල්ල වී තිබෙන අතර විනය කමිටුව මේ පිළිබඳව ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසා තිබේ. සුජීව සේනසිංහ මහතා වි නය කමිටුවට කිසිදු පිළිතුරක් ලබා දී නොමැති නමුත් අජිත් පී. මහතා ඊයේ විනය කමිටුවට ලිඛිත පිළිතුරක් ලබාදෙමින් යළි වි නය කමිටුව වෙතම චෝ ද නා එ ල්ල කර තිබිණි.

එසේම එම ලිපිය මාධ්‍ය වෙත ද නිකුත් වී තිබුණු අතර ඒ හරහා අජිත් පී. තත්වය තවත් සංකීර්ණ කරගෙන ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. ඒ අනුව, අද දිනයේ පැවැත්වෙන රනිල් – සජිත් සාකච්ඡාවේදී තම කැ ර ලි කා ර සගයින් දෙදෙනා ආරක්ෂා කරගැනීම සඳහා බ ර ප ත ළ අන්දමින් සජිත් ප්‍රේමදාස මහතා පෙනී නොසිටියහොත් අජිත් පී.ට සහ සුජීවට ඔවුන්ගේ තනතුරු අහිමි වීමේ වැඩි ඉඩක් පවතින බව වාර්තා විය.

LEAVE A REPLY