ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික රූපවාහිනී සංස්ථාව තමන් යටතට පවරාගෙන ඇත්තේ  රූපවාහිනී සභාපතිනී ඉනෝකා සත්‍යාංගනී මහත්මිය තනතුරෙන් ඉවත් නොවීම මත ඇතිවූ අර්බුදය මීට ආසන්නතම හේතුව වශයෙන් පෙනුන ද ඊට එහා යන බ ර ප ත ළ දේශපාලන පෙ ර ළියක සලකුණු මේ පසුපස තිබෙන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචිමාර්ග සඳහන් කළේ.

2001 වසරේ පිහිටුවාගත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බි ඳ හෙ ළීම සඳහා කටයුතු කළ සියලු පාර්ශ්ව මේ වනවිට යළිත් එක මිටට ගොනු වෙමින් පැවතීම තුළ මෙම තත්වය එජාපයට ප්‍ රබල අනතුරු හැඟවීමේ සංඥාවක් නිකුත් කර තිබේ.

2003 වසරේ නොවැම්බර් 05 වනදා ආරක්ෂක. ජනමාධ්‍ය ඇතුළු අමාත්‍යාංශ තුනක් ප ව රා ගනිමින් එවකට ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එජාප ආණ්ඩුව බිඳ හෙළිමේ පියවර තැබුවාය. එය කූඨප්‍රාප්තියට පැමිණියේ 2004 වසරේ පෙබරවාරි මාසයේදී ඇය සිය විධායක බ ල ය භාවිතා කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙනි.

ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය දැන් යළි ශ්‍රීලනිප ප්‍රබලයකු ලෙසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව සිටී. ඇයගේ දිගු කාලීන දේශපාලන සගයා වන මංගල සමරවීර මහතා ද සජිත් පාර්ශ්වයේ ප්‍රබලයකු ලෙස ජනාධිපතිවරයාට සමීපව සිටී.

මේ අතර රූපවාහිනිය පවරා ගැනීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරුණු ඊයේ රාත්‍රියේදී ජනාධිපතිවරයාගේ සමීපතමයකු වන මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ෆේස්බුක් සටහනක් තබමින් පවසා තිබුණේ “ජනාධිපතිවරණ සටන 2019 ආරම්භ විය” යනුවෙනි.

මේ අනුව මතුපිටින් පෙනෙනවාට වඩා වැඩියමක් ජනාධිපතිවරයාගේ පියවර හරහා පෙන්නුම් කෙරෙන බවයි දේශපාලන ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

LEAVE A REPLY