තමන්ට පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර ලබාදෙන්නේ නම් ඔක්තෝබර් 11 වනදා පැවැත්වීමට නියමිතව ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජ ය ග්‍ රහණය කරවීමට තමන්ට හැකි බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

එජාප ජ්‍යේෂ්ඨයින් කිහිප දෙනෙකු සමඟ පසුගියදා පැවති හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇති අතර පක්ෂ නායකත්වයට මේ යෝජනාව ඉදිරිපත් කරන ලෙස ද දැනුම් දී තිබේ.

2018 පෙබරවාරි මාසයේ පැවති මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ සෙසු පළාත් පාලන ආයතනවල ඡන්ද ප්‍රතිඵලය අනුව පුරෝකථනය කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇල්පිටියේදී 49.76%ක ඡන්ද ප්‍රතිශතයක් ලද හැකි බවටයි. එක්සත් ජාතික පෙරමුණට 26.22%ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට 11.75%ක්, ජනතා විමුක්ති පෙරමුණට 6.17%ක් සහ සෙසු පක්ෂවලට 4.48%ක් වශයෙන් ඡන්ද බෙදී යනු ඇති බවටයි එහිදී පුරෝකථනය කර ඇත්තේ.

මෙම සංඛ්‍යාලේඛන පෙන්වමින් හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත්තේ තමන්ට මේ ප්‍රතිඵලය උඩු යටි කුරු කිරීමට හැකි බවයි.

ඌව දිනවපු මට ඇල්පිටියකජ්ජක්ද ?

2014 ඌව පළාත් සභා මැතිවරණයේදී තමන් කළ පෙ ර ළි ය සිහිපත් කර ඇති ඒ මහතා රාජපක්ෂලා සියලු විධායක බලතල සහ තුනෙන් දෙකක ආණ්ඩු බලයකින් ද යුක්තව, රටේ භී ෂ ණ ය පතුරුවමින් ද රු ණු පා ල න ය ක් ගෙනගිය ඒකාලයේදීත් තමන්ට ඔවුන්ව ද ණ ගැ ස්වී මට හැකි වූ බව පෙන්වා දී ඇත.

එසේම එදාත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවම ඌවේ ජ ය ග්‍රහණය ත හවුරු කරගනු ඇති බවට සියල්ලන්ම ඔ ට්ටු   තබද්දී, මීට එහා ඡන්ද ප්‍රතිශත ගැන පුරසාරම් දොඩද්දී, රාජපක්ෂ පවුලේම සාමාජිකයකු වූ ඌවේ මහ ඇමති සමඟ ක රට කර හැ පෙ මින් එජාපය ජයග්‍රහණය කරා මෙහෙයවූ තමන්ට ඇල්පිටිය ප්‍රාදේශීය සභාව යනු මහා දෙයක් නොවන බවයි ඒ මහතා අ ව ධා රණය කර ඇත්තේ.

එහෙත් මීට අදාළ වටිනාකම තමන්ට ලැබිය යුතු බව ද පවසා ඇති ඒ මහතා ඒ අනුව තමන්ට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් අවශ්‍ය බවත් සදහන් කර තිබේ.

තමන්ගේ නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවත් එජාප නියෝජ්‍ය නායකත්වය තමන්ට හිමිවන්නේ නම් ඇල්පිටිය මැතිවරණය ජයග්‍රහණය කරා තමන්ට මෙහෙයවිය හැකි බවත් දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් හරීන් ප්‍රනාන්දු මහතා පැහැදිලි කර ඇති බව ද වාර්තා විය.

LEAVE A REPLY