සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග මේ වන විට පැවැත්වෙන 3 වන හා අවසන් විස්සයි විස්ස ක්‍රිකට්තරගයේ දී ලසිත් මාලිංග කඩුළු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වූ අතර ඉන් නොනැවතී ලසිත් මාලිංග පිට පිටම පන්දු 04කදී කඩුලු 04ක්දවා ගැනීමටද සමත් වුණා. ඒ අනුව T20 ජාත්‍යන්තර තරඟයකදී පිට පිටම පන්දු 4කදී කඩුලු 4ක් ලබා ගත ලොව පළමු සහ එකම ක්‍රීඩකයා බවට ඔහු පත්වුනා.

පන්දුවාර 50තරඟ වලද මෙම වාර්තාවට හිමිකම් කියන්නේ මාලිංග වීම විසේෂත්වයක්. සිය තෙවන පන්දු වාරයේදීද ඔහු තවත්කඩුල්ලක් ලබාගත් අතර මේ වනවිට තරඟයේ පන්දුවාර 3ක් යවා මාලිංග කඩුලු 5ක් ලබාගෙන සිටී. ලකුණු 126ක ඉලක්කයක්හඹායන නවසීලන්ත කණ්ඩායම මේ වන විටකඩුලු 09ක්දැවී ලකුණු 52ක් ලබා සිටිනවා.

මේ අතර මේ වන විට විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුලු 100 ක් ලබාගත් ලෝකයේ පළමු පන්දු යවන්නා ලෙසින් ලසිත් මාලිංග ක්‍රිකට් ඉතිහාසයට එක්වී තිබෙනවා.

LEAVE A REPLY