ගතවූ සති අන්තයේ G7 සමුළුවට සහභාගි වූ ලෝක නායකයන් නිල ඡායාරූපයකට පෙනී සිටින අතරවාරයේදී මලානියා ට්‍රම්ප්ට සිය සිතුම් සඟවා ගන්නට නොහැකි වූවා වැන්න. අහා.. ඒ මොහොත!

කැනඩා අගමැති, අති කඩවසම් ජස්ටින් ටෘෘඩෝ නිසා ඇගේ හදගැස්ම වැඩි විණිද?

මේ වසරේ වඩාත්ම කතාබහට ලක් වීමට නියමිත එම ඡායාරූපයේ සංස්කරණය නොකළ පිටපතක් පහත දැක්වේ.

First Lady Melania Trump kisses Canada’s Prime Minister Justin Trudeau next to U.S. President Donald Trump, Brigitte Macron, wife of French President Emmanuel Macron, French President Emmanuel Macron and German Chancellor Angela Merkel during the family photo with invited guests at the G7 summit in Biarritz, France, August 25, 2019. Picture taken August 25, 2019. (Christian Hartmann/Reuters)

ඒ ‘මොහොතෙ‘ දෙස, එකිනෙකාගේ ඇස් වෙත ඇස් ඇළවුණු ඒ මොහොත දෙස ප්‍රංශ නායක එම්මානුවෙල් මැක්‍රොන් සිනාසෙමින් බලන ආකාරයද, රිදී පැහැ ඇඳුමකින් සැරසුණු ඔහුගේ බිරිඳ ඒ දෙස බලා-නොබලා සිටින ආකාරයද, ජර්මානු චාන්සලර්වරිය අහක බලාගෙන සිනාසෙන ආකාරයද තවත් අය ‘අප්සෙට්‘ වී බලා සිටින ආකාරය ද මේ ඡායාරූපයෙන් මැනවින් පෙනේ. මලානියාව තමන්ට අයිති ‘වස්තුවක්‘ හෝ දේපළක් ලෙස සලකන දේපළ වෙළඳාම් ජනපති ට්‍රම්ප් ඒ මොහොතේ ද ඇගේ අතින් අදිමින් සිටි නිසාම, ටෘෘඩෝ වෙත ඇය හෙළන බැල්ම ඔහු දුටුවේ නැත!

මේ වන විට සමාජ මාධ්‍යවල ඒ ගැන පළ වන දහස් ගණනක් කමෙන්ටු අතරින් තෝරාගත් කිහිපයකි, මේ.

මේ කමෙන්ටුවෙන් කියන්නේ, මලානියා ට්‍රම්ප්, තමන්ගේ සියල්ලම උවදුරේ හෙළාගෙන ටෘෘඩෝ වෙනුවෙන් අවදානම ගන්නට කැමති බව ය! මේ ට්විටර් සටහනේදී ටෘෘඩෝ ද ටැග් කර තිබේ.

Loni Love

@LoniLove

Melania is ready to risk it all

View image on Twitter
654 people are talking about this

 

මේ අතර තවත් ට්විටර් පරිශීලකයෙකු කියා තිබුණේ ‘පෙනෙන හැටියට මෙලනියා කැනඩාවට පළා යාම ගැන escape plan එකක් සිතනා බවයි.

(((DeanObeidallah)))

@DeanObeidallah

Looks like even Melania is thinking of an escape plan to Canada

View image on Twitter
1,162 people are talking about this

#MelaniaLovesTrudeau (මෙලනියා ටෘෘඩෝට ආදරය කරනවා“) යනුවෙන් ඇය අලුත් හෑෂ්ටැගයක් ද සිය ට්විටර් සටහනට එක් කරගෙන තිබිණි.

ක්‍රෙම්ලිනයට කෙළින්ම සම්බන්ධ ප්‍රවෘත්ති ජාලයක් වන හෙවත් රෂියා ටුඩේ පුවත් සේවයට මෙය දුටු විට කටකහන තත්වයක් ඇති වුණාක් වැන්න. ඔවුන් ට්වීට් කළේ,
‘Everyone should find someone who looks at them the way Melania looks at Justin #Trudeau‘?

RT

@RT_com

‘Everyone should find someone who looks at them the way Melania looks at Justin ‘?https://on.rt.com/a0kc 

Art of the steal? ‘Lusty’ look between Trudeau and Melania gets Twitter hot and bothered (PHOTOS) —…

The pressure was high at the G7 Summit in Biarritz, France, over the weekend, but some snapshots from the event had social media commenters speculating about rising sexual tensions, rather than…

rt.com

328 people are talking about this

‘‘මෙලනියා ටෘෘඩෝ දෙස බලා සිටින ආකාරයට තමන් දෙස බලන කෙනෙක් හැම කෙනෙක් විසින්ම සොයාගත යුතුය“ යනුවෙනි!

කොහොම වුණත් ලෝකයේ කඩවසම්ම නායකයා ලෙස අවිවාදයෙන් සැලකෙන ජස්ටින් ටෘෘඩෝ ගැන මේ අන්දමින් කාන්තාවක් උමතු වීම අරුමයක් නොවේ. මෙලනියා ට්‍රම්ප් 2019 වසරේදී මේ අන්දමින් ටෘෘඩෝ දෙස බලා සිටියදී ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් ටෘෘඩෝ දෙස 2017 වසරේදී මෙසේ බලා සිටි බව ද අපගේ මතකයට නැගේ.

Ivanka Trump and Justin Trudeau in Washington DC, on 13 February 2017.
Ivanka Trump and Justin Trudeau in Washington DC, on 13 February 2017. Photograph: Saul Loeb/AFP/Getty Images

‘ආදරයේ රසායනය‘ සඟවන්නට මේ ලෝකයේ කිසිම නෑකමකට හෝ කිරීටයකට නොහැකි ය. විටෙක ‘කුඩම්මා සහ දියණිය‘ මෙන්ම ‘කුඩම්මා හෝ දියණිය‘ ස්වරූපයෙන්ද ආදරය පැමිණිය හැකිය.

– www.outboundtoday.com | අවුට්බවුන්ඩ් ටුඩේ 

LEAVE A REPLY