ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතිය සිතූ තරම් ජනතා ආකර්ශනයක් අත්පත් කර නොගැනීම තුළ ඔවුන් බ රපතළ අර්බු දයකට මුහුණ පා සිටින බව අපි මීට පෙර අවස්ථා ගණනාවකදී පෙන්වා දුනිමු.

එසේම අසාර්ථකත්වය තුළ ඉදිරියට යා හැකි එකම පියවර ලෙස යළි ජා ති වාදය ඇ විස්සීම කෙරෙහි ඔවුන් අවධාරණය යොමු කර ඇති බවත් අපි අනාවරණය කළෙමු.

සති අග අරුණ වැඩට බස්සයි 

ඊයේ (24) දිනයේ එය සනාථ කරමින් ගෝඨාගේ සමීපතම හිතවතා මෙන්ම ප්‍රචාරණ ව්‍යාපෘතියේ ප්‍රධානියා ද වන දිලිත් ජයවීර මහතාගේ දෙරණ මාධ්‍ය ජාලයට අයත් “සති අග අරුණ” පුවත්පත මඟින් හ දිසි නීතිය අහෝසි වීම නිසා ත ව්හිද් ජ මාත් ත හනම ඉවත් වන බවත් පාස්කු ඉරිදා බෝ ම්බ   ප්‍ර හා රයේ සැ කකරුවන් 200ක් ඒ අනුව නිදහස් වන බවත් සඳහන් කරමින් අමූ ලික අ සත්‍ය පුවතක් පළ කර තිබිණි.

එසේම එම පුවත දෙරණ රූපවාහිනියේ උදෑසන පුවත්පත් කියවන “දෙරණ අරුණ” වැඩසටහන මඟින් ද විකාශය කරමින් පුළුල් ප්‍රචාරණයක් ලබාදී තිබුණු අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමාජ මාධ්‍ය ප්‍රචාරණ ඒකකට සම්බන්ධ ෆේස්බුක් ගිණුම් සහ ෆේස්බුක් පිටු හරහා ද අති දැ වැන්ත ප්‍රචාරණයක් තවමත් ලබාදෙමින් පවතී.

මෙම පුවත අසත්‍යයක් බවත් ජාතික ත ව්හි ද් ජ මාත් සහ ජ මාතේ මි ල්ලතේ ඊබ්‍ රහිම් යන ත්‍ර ස්ත වාදී සංවිධාන ත්‍ර ස්ත වාදය වැළැක්වීමේ පනත යටතේ ගැසට් නිවේදනයක් මඟින් ත හනම් කර ඇති බැවින් හදිසි නීතිය ඉවත් වීමෙන් ඊට බලපෑමක් නොවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් නිවේදනය කර තිබියදීත් දෙරණ මාධ්‍ය ජාලයේ ෆේස්බුක් පිටු සහ යූටියුබ් නාලිකා තුල තවමත් අ සත්‍ය පුවත විකාශනය වෙමින් තිබේ.

කවුරුත් බබ්බු නොවේ

සාමාන්‍යයෙන් සතිඅන්ත ජාතික පුවත්පතක ප්‍රධාන පුවත යනු කිසිදු වගකීමකින් තොරව විහිළුවට ලියන්නක් නොවේ. එමෙන්ම එය තනි පුද්ගලයකුගේ වුවමනාව මත පමණක් පළ කෙරෙන්නක් ද නොවේ. මෙවන් ආන්දෝලනාත්මක පුවතක් පළ කිරීමේදී කිහිප වතාවක් එහි නිරවද්‍යතාවය සහතික කරගැනීම සාමාන්‍ය ක්‍රමයයි. විශෙෂයෙන් මෙහි ගැසට් නිවේදන ඇති බැවින් ඉතා පහසුවෙන් එය කරගැනීමට තිබුණු අතර දෙරණ මාධ්‍ය ජාලයට නීතීඥයින්ගෙන් අඩුවක් නොමැති බැවින් නීතිමය පදනම ද ඉතා පහසුවෙන් තහවුරු කරගත හැකිව තිබිණි. වෙනෙකක් තබා මෙය උදෑසන දෙරණ රූපවාහිනියේ කියවූ සංඛ අමරජිත් ද නීතීඥයෙකි. මේ කවුරුත් බබ්බු නොවේ.

එහෙත් ඒ කිසිවක් නොමැතිව හුදෙක් අත්වැරදීමකින් මෙවන් පුවතක් පළ කෙරුණේයැයි කවුරුන් හෝ කියන්නේ නම් එය විහිළුවකි. මෙහි වගකීමෙන් දෙරණ ප්‍රධානී දිලිත් ජයවීර මහතාට ගැළවෙන්නට නොහැක.

ගෝඨාගේ ප්‍රචාරණ ව්‍යාපෘතිය අසාර්ථක බවට හොඳම සාක්ෂිය

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමට සිතා හෝ නොමැති අවස්ථාවක තදියමට අපේක්ෂකයා ලෙස නම් කර ගත්ත ද ගෝඨාභය රාජපක්ෂ මහතාට පන්සල් පල්ලි කෝවිල් වන්දනාව හැර වෙනත් කිසිදු දෙයක් මෙතෙක් කිරීමට හැකියාව ලැබුණේ නැත. අගෝස්තු 18 වනදායින් පසු ඔහු ප්‍රසිද්ධියේ ජනතාව අතර ගැවසුණේ ද නැති අතර මාධ්‍ය වෙත ද කිසිදු ප්‍රකාශයක් නිකුත් කළේ නැත. ඔහු ඉඳහිට හෝ ආගිය ස්ථානවලට පැමිණි මාධ්‍යවේදීන්ට ද ඔහුගෙන් ප්‍රශ්න ඇසීම ත හ නම් කර තිබිණි.

ඒ අනුව කරකියා ගන්නට දෙයක් නොමැතිව ගිය ගෝඨාගේ ප්‍රචාරණ කමිටුව අවසානයේ අතේ රෝල් පුවත් පළ කරමින් ජා තිවා දය අවුස්සා තමන්ගේ ගොඩ රැකගැනීමේ තැනටම දැන් බැස ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකයා ලෙස නම් කරනු ලැබුවේ අගෝස්තු 11 වනදාය. අගෝස්තු 23 වනදා වනවිටම, එනම් සති දෙකකටත් අඩු කාලයක් තුළ ඔවුන් අ සත්‍ය පුවත් පැළකිරීමේ තැනටම වැටීමෙන් පෙනෙන්නේ ප්‍රචාරණ ව්‍යාපෘතිය කොතෙක් අසාර්ථකද යන්නය.

වවුලාගේ මඟුල් ගෙදර ගිය විට එල්ලෙන්නට සිදුවීම

ජනාධිපතිවරණය පැවැත්වීමට තවත් මාස හතරක් පමණ ඇති හෙයින් ඉදිරි කාලසීමාව තුළ ගෝඨාගේ හිතවතුන් කවරාකාරයේ පුවත් මවනු ඇත්ද යන්න සිතාගැනීමට මෙය ප්‍රමාණවත්ය.

වවුලාගේ මඟුල් ගෙදර ගියවිට එල්ලී සිටීමට සිදුවන්නා සේම ගෝඨාගේ ප්‍රචාරණය භාරගත් දිලිත් ජයවීරට ද සිය මාධ්‍ය ජාලයේ කීර්තිනාමය පවා පළමු සති දෙක තුළම බි ල්ල ට දීමට සිදුව තිබේ. අසත්‍ය පුවත් පළ කිරීම සම්බන්ධයෙන් කුප්‍රකට “දිවයින” පුවත්පතේ තැනටම “දෙරණ” මාධ්‍ය ජාලයත් මෙතරම් ඉක්මනින් මෙතරම් පැහැදිලිව ඇද දමා ජනතාවට ගෝඨාභයගේ ඇත්ත තත්වය පෙන්වා දීම පිළිබඳව නම් දිලිත් ජයවීර මහතාට අපේ ස්තූතිය හිමිවිය යුතුය.

LEAVE A REPLY