දෙරණ මාධ්‍යජාලය විසින් සති අන්ත පුවත් පතක් ලෙස පළකරන ලද සති අග අරුණ පුවත් පත විසින් හදීසි නීතිය ඉවත් කිරීම හේතුවෙන් පසුගියදා තහනම් සංවිධාන ලෙස ගැසට් කරන ලද ඉස්ලාමීය අන්තවාදී සංවිධාන 3 වන ජාතික තව්හිද් ජමාත් සංවිධානය, ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් සහ විලායත් අස් සෙයිලානි සංවිධාන 3 වෙත පණවන ලද තහනම ඉවත් කර ඇති බවට කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපති දිනේෂ් දොඩම්ගොඩ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද එම මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ එම ඉස්ලාමිය අන්තවාදී සංවිධාන 3 තහනම් කර ඇත්තේ ත්‍රස්තවාදය වැළක්වීමේ තාවකාලික විධිවිධාන පනත මගින් බවත්, හදිසි නිතිරෙගුලාසි ඉවත්කිරීම එම සංවිධාන වල තහනම ඉවත් වීමට කිසිසේත් බල නොපාන බවයි.

එම මාධ්‍ය නිවේදනය පහතින්..

LEAVE A REPLY