දිනය – අගෝස්තු 21
වේලාව – පාන්දර 2ට පමණ
ස්ථානය – පෑලියගොඩ නුවරපාරේ IOC පෙට්ට්‍රල් ෂෙඩ් එක

වාහනයේ තෙල් ගොඩක් අඩු හින්දා මම පාන්දර දෙකට විතර පෑලියගොඩ නුවරපාරේ IOC ෂෙඩ් එකට ගියා තෙල් ගහන්න. රුපියල් 2000ක් දීලා වෙනදා වගේ තෙල් ගහන්න කියලා වාහනගේ ෂටර් එක වහගත්තා

තෙල් ගහද්දි පොම්පෙන් කඩ කඩ ගහන්න ගත්ත හින්දා මම ෂටර් එක ඇරලා මොකද ඔය තෙල් කඩ කඩ ගහන්නෙ කියලා ඇහුමව නොසල් බ්ලොක් කිය කිය දිගටම ගහනවා. ( වේගෙන් තෙල් ගහන ගමන් තෙල් ගහන එක නතර කරපුවාම පොම්පෙ දිගේ තෙල් ප්‍රමාණයක් ආපහු ප්‍රධාන ඉන්ධන ටැංකියට යනවා. හැබැයි ඒ ටිකටත් අපිට චාජ් වෙනවා. මේක මම දන්න හින්දයි කඩ කඩ ගහන්න එපා කිව්වෙ.) නොසල් බ්ලොක්නම් ඒක හදන්න ඕනෙනෙ එහෙම නැතිව අඩු පාඩු තියන පොම්ප වලින් තෙල් ගහන්න ඔයාලට අයිතියක් නැහැ මැනේජර්ට කථා කරන්න කියලා මම කිව්වා. (නොසන් බ්ලෙක් හරි වෙනයම් අඩුපාඩුවක් තියන පොම්පෙකින් තෙල් ගහනවාවානම් ඒක ඔක්කොටම වඩා නීති විරෝධියි. මොකද අපි ගෙවන සල්ලි වලට අදාලව තෙල් ලැබෙන්න ඕන)

මැනේජර් ඇවිල්ලා මට ෂේප් එකට කථා කරලා කියනවා ඔහොම තමා මහත්තයෝ ඒක හැදුවට හරියන්නෙ නෑ තෙල් එන්න එහෙම තමා කියලා. මේ වැඩේ නීති විරෝධියි ඔයාලා කඩ කඩ තෙල් ගහලා තව බොරු කියන්නත් එනවා කියද්දි ඌ ගොනා වගේ කියනාවා ඉන්න මම පෙන්නන්ම් මේ පොම්පෙන් තෙල් එද්දි කැඩි කැඩ් එන්නෙ අපි කරන දෙයක් නෙමේ කියලා මේ වීඩියෝ එකේ තියෙන්නෙ ඒ තෙල් ගහලා පෙන්නන විදිය. ඒත් විඩියෝ එක බලන ඕන කෙනෙක්ට පේනවා පොම්පෙ ලෙඩක් කියලා ඔප්පු කරන්න ඒ පොම්පකරු අතින් තෙල් කඩනවා. මේ වැඩ දෙකම නීති විරෝධියි. අපි රුපියල් 2000ක තෙල් ගැහුවොත් අපිට ලැබෙන්නෙ 1800ක් විතර මේ විදියට ගියාම. පස්සෙ උන් කියනවා තෙල් වල ගැවෙද්දි ඉබේ නවතිනවලු. ඒක ඇත්ත safety feature එකක් විදයට පොම්පවල එහෙම තියනවා. නමුත් ඒ වෙලාවෙ මගෙ ටැංකියේ තෙල් තිබුනෙම නෑ.
මේ වැඩේ වෙච්ච පළවෙනි කෙනා මම නෙමේ…..

මේ අසාධාරණයට පැමිණිළි කරන්නෙ කොහෙටද? මේ වගේ අසාධාරණයක් වුන ගමන් Video කරල අපිට එවන්න.

රටටම පේන්න සාධාරණයක් අපි කරන්නම්.

වංචනිකව තෙල් ගහපු වීඩියෝව පහතින් නරඹන්න…
හැකි පමන යාලුවෝ අතරේ බෙදාහරින්න…

 

LEAVE A REPLY