විදුලි බිල් පත් නොගෙවීම හේතුවෙන් විදුලිය සිදලීමේ නිවේදනය නිකුත් කර නිවසක විදුලිය සිදලීම පිණිස කටයුතු කල ලංකා විදුලි සමාගමේ කළුතර කාර්යාලයේ නිළධාරියෙකුට අගලවත්ත ගිරිකොළ ප්‍රදේශයේ පිය පුතු දෙපළ ක් විසින් යකඩ පොල්ලකින් හා අතින් පයින් ප හර දීම හේතුවෙන් එම නිළධාරියා පිඹුර රෝහලට ඇතුලත් කර තිබේ.

ඊයේ (15 දා) සිදු වූ මෙම සිද්ධියට අදාළ සැක කාර පියා අගලවත්ත පොලීසිය විසින් අත්   අඩංගුවට ගෙන ඇත.

මීට පෙර අවස්ථාවකදීද අදාළ නිවසේ විදුලිය සිදලීමට ගිය අවස්ථාවකදී සැකකාර පියා මෙම නිළධාරියාට ප හර දී ඇති අතර එය සමථයකට පත් ව තිබේ.මෙවරද එවන් තත්වයක් ඇති විය හැකි බැවින් අදාළ නිළධාරියා තම උසස් නිළධාරීන් දැනුවත් කර මෙම රාජකාරියද ගොස් ඇති අතර එහිදී සැකකාර පිය පුතු දෙපල විදුලිය සිදලීමට ඉඩ දී නොමැත.එහිදී දුරකථනය මගින් සෙසු නිළධාරීන් කැදවා විදුලි කණුවේ සම්බන්ධතාවය විසන්දි කර ඇති අතර එම අවස්ථාවේ සැකකරුවන් යකඩ පොල්ලකින් හා අතින් පයින් පැමිණි නිළධාරීන්ට ප හර දී ඇත.

එම අවස්ථාවේ අගලවත්ත විදුලි බල මන්ඩලයේ නිළධාරියෙකු අත තිබූ ටැබ් පරිගණකයකට හා සෙසු උපකරණ වලටද හානි වී තිබේ.මෙම සිද්ධිය පිළිබදව විදුලි සේවකයින් විසින් අගලවත්ත පොලීසියට පැමිණිලි කර ඇති අතර ඒ අනුව සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාර පුතා පොලීසිය මග හරිමින් සිටී.

මෙම ප්‍රහාරයෙන් මිනිකන්දල, මොරපිටිය පදිංචි ධම්මික සුසිල් නැමති දෙදරු පියෙක් තුවාල ලබා අගලවත්ත පිඹුර රෝහලට ඇතුලත් කර ඇති අතර සිද්ධිය පිළිබදව අගලවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අගලවත්ත- ප්‍රභාන් බුලත්සිංහල / www.mawbima.lk

LEAVE A REPLY