ශ්‍රී ලංකාව සංචාරක පාරාදීසයක් වන්නේ අපේ රටට අවේනික වූ පරිසර පද්දති ජෛව විවිධත්වය වනාන්තර සතා සීපාවා මෙන්ම වසර 2500කට එහා ගිය මහා ප්‍රෞඩ ඉතිහාසයක් ලොව ඉදිරියේ විදහා දක්වන ඉන්දියන් සාගරයේ පිහිටි සුවිසේෂි දිවයිනක් වීම නිසාය. අපේ රටට පැමිණෙන සංචාරකයන් රටේ ස්වභාව ධර්මය ගැන මෙන්ම ලාංකික ජතාවගේ ආගන්තුක සත්කාරය ගැනද මහා ඉහලින් කතා බහ කරන තත්වයක් පැවතින ඒ හේතුවෙන් රජය අනෙත් රටවල් සමඟ සසඳන කල සංචාරක ප්‍රවර්ධනයට මහා ලොකු දේවල් නොකලද දිනෙන් දින සංචාරක කර්මාන්තය ඉහල නැගිණි.

නමුත් අවාසනාවකට මුදල් පමණක් හඹා යන සමහර කාලකන්නිමෝඩයින් නිසා රටේ සංචාරක කර්මාන්තය අද වනවිට දිනෙන් දින පිරිහෙමින් පවතින්නේ අවාසනාවන්ත ලෙසය. මෙසේ සංචාරකයින් හුරාගෙනකනමාෆියාකාරයින් විදේශ සංචාරකයින් මුලා කොට ඔවුන්ගෙන් ඉතා අසාධාරණ ලෙස මුදල් කඩාගන්නටවෙහෙසෙන්නේ ඉතා නිර්ලජ්ජිතාවය.

සංචාරකයින් රටට ඇතුළු වූ තැන සිට ටැක්සි කාරයින්, හොටල් කාරයින් මෙන්ම වෙළෙන්දන්ද අධික මිල ගණන් වලට ඔවුනට සේවා අලෙවි කිරීමට යන්නේ සංචාරකයින්ට රටම එපා කරමින් හා රටේම කිර්තියවිනාශකරමින් වීම කණගාටුවට කරුණකි.

පහතින් දැක්වෙන වීඩියෝව හොඳින් බලන්න රුපියල් 750ක් පමණ වටිනා ටීෂර්ට් එකක් මුස්ලිම්ජාතිකවෙළෙන්දකු විසින් රුපියල් 6800ක් කියමින් ජර්මන් ජාතිකයකුට අලෙවි කරන්නට යන හැටි සහ අදාල විදේශිකයා එය ප්‍රතික්ෂේපකොටයන ආකාරය මෙහි දැක්වෙයි. වෙළෙන්දන් සිතන්නේ විදේශික සංචාරකයින් මෝඩයින් කියාද? මෙවන් වැඩ වලින් රටේ මුළු සංචාරක කර්මාන්තයටම වන්නේ නැවත හැරවිය නොහැකි හානියකි එබැවින් වහාම බලධාරීන් මෙන්ම සංචාරක ප්‍රවර්ධන ආයතන මේවට පියවරක් ගත යුතුය. එමෙන්ම සංචාරකයින් නිසා ජීවිකාවසරිකරගන්නා ව්‍යාපාරිකයින්ද තමාගේ අනාගතයවිනාශකර නොගෙන පවත්වාගෙන යාමට මිට වඩා බුද්දීමත්ව කටයුතු කල යුතුය…

අදාල සංචාරකයා රටන වීඩියෝව පහතින් නරඹන්න….

LEAVE A REPLY