මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කවුදැයි තෝරා ගැනීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂය කල්ලිබෙදීකුලල්කාගනිමින් සිටින්නේ යැයි ඇමැති මනෝ ගනේෂන් මහතා පවසයි.එක් එක් අයට එක එක න්‍යායපත්‍ර ඇති බවත් පවසන ඇමතිවරයා ඔවුන් ඒ අනුව වැඩ කර ඉන්පසු ගහමරාගන්නාබවද මෙවන් ප්‍රශ්න නිසා එක්සත් ජාතික පක්ෂය කැබලි කිහිපයකට කැඩීයාමේ තත්වයක් උදාවී ඇති බවද ඔහු පවසනවා.

වර්තමාන දේශපාලන තත්වය හා දේශපාලකයින් ප්‍රකාශ කරන විවිධ කරුණු කාරනා පිලිබදව සලකා බලන විට අපට පෙනී යන්නේ 2020 ජනාධිපතිවරයා වන්නට විශාල පිරිසක් බලාපොරොත්තුවෙන් පසුවන බවය. එකම පක්ෂයේ විවිධ පුද්ගලයින් තමන් අපේක්ෂකයා බවට කියා ගන්නා තත්වයක් උද්ගත වී ඇත. එක්සත් ජාතික පක්ෂය තුලද සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, පාටලී චම්පික රණවක සහ කරූ ජයසුරිය මෙන්ම ලක්ෂ්මන් කිරිඇල්ල පවා ජනාධිපති වන්නට සුදානම් බව කියවෙමින් ඇත. ඒ අනුව නුදුරේදී පක්ෂය කොටස් කිහිපයකට වෙන්ව ජනාධිපති අපේක්ෂකයින් පත් වනු ඇත.

එක්සත් ජාතික පක්ෂය පමණක් නොව රටේ දේශපාලනය කරනා අනෙක් පක්ෂ වලින්ද ජනතාව ලෙස අපට අසන්නට ඇත්තේ පක්ෂය තුල අපේක්ෂකත්වය තෝරාගන්නට තරම්වත් ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැතිව රටට ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නේ කෙසේද යන්නයි…

LEAVE A REPLY