මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධිකවර්ෂාවත් සමඟ ගිනිගත්හේනනගරයේ වෙළඳසැල් 10 ක් මහවැලි ගඟ දෙසට නායගොස්වෙළඳසැලක සිටි එක් සේවකයෙක් අතුරුදහන්විඇතිබව ගිනිගත්හේනපොලීසිය පැවසීය.

අද(19) අළුයම 2.00ට පමණ මෙම නායයාමසිදු වි ඇති බව ගිනිගත්හේනපොලීසිය සඳහන් කළේය.ගිනිගත්හේනපොලීසියඅසල ගිනිගත්හේනමහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසකුයි මෙසේ නායගොස් ඇති බව වාර්තා වෙයි.ප්‍රධාන මාර්ගයේ කොටසක්ද නායයාමේඅවධානමක් පවතින නිසා පොලිසිය ඉදිරිපිට සිට ගිනිගත්හේනබස්නැවතුම්පොල දක්වා මහනුවර මාර්ගය සම්පුර්ණයෙන්ම වසාදමාතිබේ.

එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කොළඹ මාර්ගය දෙසට ගමන් කර බස් නැවතුම්පොල හරහා ප්‍රධාන මාර්ගයට පිවිසෙන ලෙසයි ගිනිගත්හේනපොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.දෙමහල් ගොඩනැඟිලි සහිත නාය ගිය වෙළදසැල් අතර සිල්ලර වෙළදසැල් කිහිපයක් , එලවළු අලෙවි කරන වෙලදසැල් කිහිපයක්, අවහන්හල් දෙකක්, සැලුනයක් සහ විසිතුරු භාණ්ඩ අලෙවි කරන වෙලදසැලක් තිබු බව පොලිසිය සඳහන් කරයි.විසිතුරු භාණ්ඩ අලෙවි කරන වෙළදසැලේ සිටි සේවකයා මෙසේ අතුරුදහන්විඇති බව පොලිසිය පවසන්නේ.

නායයමටලක් වු වෙලදසැල් සහ ඊට යාබදව පිහිටි වෙළදසැල් ගණනාවක් නායයමේඅවධානමක් පවතින බවට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය මිට ප්‍රථම හදුනාගෙන එම වෙලදසැල් හිමියන්ට ඉන් ඉවත් වෙන ලෙස අවස්තා කිහිපයකදි  දැනුම් දි තිබුණි.අතුරුදහන්වුසේවකයා සොයා යුධහමුදාවසහපොලිසිය මෙහෙයුමක්දියත් කර ඇති අතර තවදුරටත් මධ්‍යම කදුකරයට අයහපත් කාලගුණයක් පවති.

LEAVE A REPLY