ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්චාබිඳවැටෙන්නේ පොහොට්ටුවේ සිටින පාර්ලිමේන්තුවට අලූතින් පැමිණි කිහිපදෙනෙකු නිසා බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

පොදුජන පෙරමුණ කියන විදිහට අපි කටයුතු නොකරන බවත් දෙපාර්ශ්වයේ අනන්‍යතාව තහවුරු වන විදිහට කටයුතු කිරීම දෙපාර්ශ්වය විසින්ම සිදුකරන දෙයක් බවත් එම නිසා යම් හෙයකින් සාකච්චා බිඳවැටුණොත්නිදහස් පක්‍ෂය විදිහට යම් තීරණයක් එදාට ගන්නා බව ද (17 දා) ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඒ මහතා සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයටත්, පොදුජන පෙරමුණටත් තනි මතයට අපේක්‍ෂකයකු ඉදිරිපත් කළ නොහැකි බව කී මහ ලේකම්වරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුත්තේ දෙපාර්ශ්වයම කැමැත්ත ඇති එක් පුද්ගලයකු බව ද කීවේය.

අලූතින් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත‍්‍රීවරු කියන කතාවලට පිළිතුරු දීමට තමා සූදානම් නැති බවත්, විවිධ ප‍්‍රකාශ සිදුකරන අය පියා සමග ජනාධිපති මෛත‍්‍රිපාල සිිරිසේන මහතා ජනපති වූ දා පෝස්ටර් අලවපු අය බව ද කීවේය.

කෙසේ වෙතත් පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳ නිදහස් පක්‍ෂය විසින් ඒ සඳහා පත් කළ කමිටුව විසින් සකස් කළ වාර්තාව ඊයේ වන විට ජනාධිපතිවරයාට භාරදීමට නියමිතව තිබූ බව කී මහ ලේකම්වරයා ජනාධිපතිවරයාගේ එකඟතාව මත දෙපාර්ශ්වය අතර පැවැත්වෙන ඉදිරි සාකච්ඡුා වටයේ දින තීරණය වනු ඇති බව ද කීවේය.

 

LEAVE A REPLY