මේ දිනවල ලංකාවේ දේශපාලනය උණුසුම් වෙමින් පවතින්නේ ළඟ එන 2020 ජනාධිපතිවරණය මුලික කොටගෙන බව නොරහසකි. එක එක පක්ෂ සිය අපේක්ෂකයා තෝරා ගැනීමේ සිතල ගේම් එකක නිරත වන්නේ මිට පෙර ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කලාද නැද්ද යන වග සහ සැබෑ ජනතා ගැටළු ගැන වගේ වගක් නොමැතිවය. මේ කරුණු කාරණා මෙසේ සිදුවන අතරේ හරි අපුරු ජවනිකාවක් රඟපාන්නට දෙපලක් පටන් ගෙන තිබෙන්න ජනාතව හරක් යයි සිතාගෙන වන්නට ඇත.

මේ කතාව කියන්නට යන්නේ හදිස්සියේ සිංහල බෞද්ධකමක් කරපින්නාගත් දෙදෙනකු පිලිබඳවය.එකෙක් සතොස ඇතුළු රාජ්‍ය සම්පත් විනාශමුඛයට ඇද දමා රටේ හදවත බඳු මහබැංකුව කොල්ලකන්නටඅවශ්‍ය වටපිටාව සකසා හොරුන්ගෙන් කෝටි ගණන් සන්තෝසම් ගෙන ඇමැතිකම පවා අහිමිව ගොස් නැවත ජනතාව මුලා කොට ඇමතිකමක් ගෙන දැන් බෞද්ධකම මවා පාමින් ජනතාව රවටන රවී කරුනානයකය. එනකා මියුසික් වීඩියෝ කියා ගනිමින් නිරුවතවිකුණා තම ජීවිකාව සරිකරගනිමින් මිත්‍යාදෘෂ්ටික මතවාද ජනගත කොට රටේ තාරුණ්‍යය විනාශකරන්නට වෙහෙසෙන කලාකරුවකු කියාගන්නා ඉරා ජ්නමැති නලා කරුවාය.

මේ දෙදෙනා කල කී දෑ අපට හොඳට මතකය… එක වරම සිංහල බෞද්ධ අමාරුවක් හදාගෙන වැරදි නොකාර බොදු මග යනවා කියා මවා පෑම් කරන මොවුන්ව විස්වාස කල හැකිද? මොවුන් කල කි දෑ අපට හොඳටම මතකය. තමන්ට නැතිව යන ජනතා ප්‍රසාදය වෙනත් මාර්ගයකින් ලබා ගැනීමට මොවුන් මේ කරන්නේ කුට උපායක් නොවේද? සබැ බොදුනුවකු වීමාටනම් අඩුම තරමේ පන්සිල් පද පහවත් රැකිය යුතුය යන්න බෞද්ධ දර්ශනයේ ඉගැන්වීමයි. නමුත් අපේ රටේ සින්හල බෞද්ධ කම ආරක්ෂා කිරීමට පෙරට විත් පම්පෝරි ගසන්නේ අඩුම තරමේ පන්සිල් පද පහ වත් ආරක්ෂා නොකරන පිරිසක් වීම රට මේ තත්වයට ඇද වැටීමට ප්‍රධානතම හේතුවයි.

ඒ නිසා එක එක දේශපාලකයින්ගේ හා ප්‍රසිද්ධ චරිතවල සිංහල බෞද්ධ මාකටින් වලට නොරැවටී සම්බුද්ධ සාසනයත් සිංහල ජාතියත් ආරක්ෂා කිරීම පිණිස එක එකාගේ පස්සේ නොයා තිසරණ සරණ ගිය බෞද්ධයකු වීම ඉතා වටිනා අතර රට ජාතිය රැකීම පිණිසම හේතුවනු ඇත.

LEAVE A REPLY