2019 ලෝක කුසලාන අවසන් මහාතරගය ජයග්‍රහණය කිරීමට  එංගලන්ත කණ්ඩායම ඊයේ (14) සමත් වුනා. නවසීලන්තය පරාජයටපත් කරමින් එංගලන්ත කණ්ඩායම සිය ජයග්‍රහණයරැස් කරනු ලැබුවේ තරගයේදී ඔවුන් විසින් එල්ලකරනු ලැබූ හතරේපහරවල් සංඛ්‍යාව නවසීලන්ත පිලට වඩා වැඩිවීම හේතුවෙන් වීම විශේෂත්වයක්. එසේම ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහ තරගයකදී ඒ අයුරින් කණ්ඩායමක් ජය ගත් පළමු අවස්ථාවද මෙම තරඟය ලෙසයි සැලකෙන්නේ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 08 ක් දැවී ලකුණු 241ක් රැස් කර ගනු ලැබුවා.ඒ අනුව ලකුණු 242ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පැමිණි එංගලන්ත පිතිකරුවන් සිය පන්දුවාර 50 අවසානයේදී සියලු ක්‍රීඩකයින්දැවීලකුණු 241ක් ලබා ගනිමින් නවසීලන්තය රැස් කළ ලකුණු සංඛ්‍යාව සම කිරීමට සමත්වුනා.

ඒ අනුව කණ්ඩායම් දෙකම සම ලකුණු රැස් කිරීම හේතුවෙන් තරගයේ තීරණය ලබා ගැනීම සඳහා “සුපිරි ඕවරය” අවස්ථාව උදාවූ අතර, පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම එහිදී ලකුණු 15ක් රැස් කරගනු ලැබුවා.

තරගය ජය ගැනීමට ලකුණු 16 ක් රැස් කිරීමට නවසීලන්ත කණ්ඩායමට සිදුවූ අතර ඒ සඳහා ජිම් නිෂම් සහ මාර්ටින් ගප්ටිල් පිටියට පිවිසුනා. කෙසේ නමුත් ජෝෆ්ර ආචර් විසින් යැවු සුපිරි ඕවරයේ පළමු පන්දු 5 තුලදී ලකුණු 14ක් ලබා ගත් නවසීලන්ත පිතිකරුවන් යුගලයට අවසාන පන්දුවේදී තරගයේ ජයග්‍රහණය සඳහා රැස් කිරීමට අවශ්‍යව තිබුනේ ලකුණු 02ක් පමණි.

නමුත් අවසාන පන්දුවේදී මිඩ් විකට් කලාපයටපහරක්එල්ල කරමින් මාර්ටින් ගප්ටිල් පළමු ලකුණු ලබා ගෙන දෙවන ලකුණ කරා දිව යාමේදී ඔහුව දුවද්දීදවාගැනීමට ජෝස් බට්ලර් සමත්වීමත් සමග සුපිරි ඕවරයේදී ද දෙපිලම ලබා ගත් ලකුණු සංඛ්‍යාව සමවුවා.

ඒ අනුව සුපිරි ඕවරයේදී කණ්ඩායම් දෙකේ ලකුණු සමවීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතියට අනුව වැඩිම හතරේ පහරවල් සංඛ්‍යාවක්  එල්ල කළ එංගලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලානය දිනා ගත් කණ්ඩායම ලෙස ප්‍රකාශ කෙරුනා.

තරඟයේදී  නවසිලන්ත කණ්ඩායම සිය පන්දු ඕවර 50 තුලදී හතරේ පහරවල් 14 සහ හයේ පහරවල් 02 ක් එල්ල කළ අතර එංගලන්ත පිතිකරුවන් සිය ඉණිම තුලදී හතරේ පහරවල් 22ක් සහ හයේ පහරවල්2ක් එල්ලකර තිබුනා.

තරඟයේ විශේෂ අවස්ථා පහතින්.

මෙවර ලෝක කුසලාන අවසන් මහා තරඟයෙන් පසු සමාජ ජාලා හරහා හුවමාරු වුන රස කතා එකතුව

LEAVE A REPLY