ආණ්ඩුව මහා ලොකුවට පම්පෝරිගසමින් ස්මාර්ට් පන්ති කාමර ඉදිකරමින් අධ්‍යාපනය ඩිජිටල් යුගයට ගෙනයන බව කියමින් ප්‍රචාරක වැඩසටහන් රැසක් ගෙනයන බව ඔබට සහ අපට නොරහසක්. අධ්‍යාපන ඇමති අකිල විරාජ් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංග යන මහත්වරුන් වේදිකා ගානේ ටැබ් පෙන්වමින් යන්නේ එය මහා ලොකු දෙයක් බවට ජනතාව මුලාකරමින්. රටේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩිකර බුද්ධිමත් දරු පරපුරක් බිහි කිරීම වෙනුවට ආණ්ඩුව කරන්නේ දේශපාලන වාසි ලබාගැනීමට අධ්‍යාපනය යොදාගැනීමයි.

දරුවන්ට ටැබ් දෙන්නට මහා ලොකු වියදමක් කරමින් වෙහෙසෙන අධ්‍යාපන අමාත්‍යවරයා සහ ඔහුගේහෙන්චයියන්ට නොදැනෙන නොපෙනෙන සත්‍ය අප කරුණු සහිතව  කියා දෙන්නට සුදානම්. එනම් රටේ  එක කොනක දරුවන්ට ස්මාර්ට් පන්තිකාමරයේ ටැබ් ලබාදෙනවිට රටේ තවත් කොනක ඉගෙනගන්නට වහලක් නැතිව පිදුරු මඩුවල ඉගෙනගන්නා දරුවන් පිළිබඳව සංවේදී විස්තරයක් සමගින්…

දරුවන් 175ක් අධ්‍යාපනය ලබන අතර ගුරුවරුන් 16ක් දෙනකු එහි සේවය කරන මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය අධ්‍යාපන කලාපයට අයත් මැකිලියතැන්න කණිෂ්ඨ විද්‍යාලයට ඇත්තේ පන්තිකාමර ගොඩනැගිලි 2ක් පමණයි නමුත් එය පාසලට කිසිසේත් ප්‍රමාණවත් නොමැති අතර එහි සාමාන්‍යපෙළ එනම් 11 වසර පන්තිය පවත්වාගෙන යන්නේ පිදුරු සෙවිලි කල මඩුවක් තුලයි.ඒ පහත ආකාරයෙනනි…

කැබිනට් අමතිලාම තුනක් සිටින සහ රජයේ ප්‍රධානම ඇමතිකම් වන මුදල් අමාත්‍යධුරය, වරාය හා නාවික අමාත්‍යධුරය, කර්මාන්ත හා වාණිජ අමාත්‍ය ධුරයයන් දරන මංගල සමරවීර, සාගල රත්නායක, බුද්ධික පතිරණ යන අමාත්‍යවරුන්ට මේවා නොපෙනෙන්නේද? ඔබලා මේ දිස්ත්‍රික්කය නියෝජනය කරන ජනතා නියෝජිතයින්ද ඔබලා දරුවන්ගේ අනාගතය ගැන මහා ලොකුවට පුරසාරම් කියවන්නේ මෙවන් අන්තයක් රටේ දරුවන්ට ඇති කරන්නටද යන්න ජනතාවට ඇති ගැටලුවයි.

රටේ මුදල් අමාත්‍යවරයාගේ දිස්ත්‍රික්කයේ පවා දරුවන්ගේ අධ්‍යාපන මට්ටම මෙසේ තිබියදී රටේ ආණ්ඩුව තවත් පොරකන්නේ අධ්‍යාපනයේද ඇති නැති පරතරය තවත් වැඩිකරන්නට නොවේද? තමන්ට ලැබෙන කොමිස් මුදල් වෙනුවෙන් වය කරන මහා දනස්කන්ධය වියදම් කොට බොරු සෝබන වැඩ නොකර රටේ අනාගත දරු පරපුරට හොඳ අධ්‍යාපන ක්‍රමයක් සහ යහපත් පහසුකම් සහිත පාසල් පද්ධතියක් සිත්පිත කරනා තුරු සමාජ මාධ්‍ය අප විමසිල්ලෙන් බවද බලධාරීන්ට සිහිපත් කර සිටිමු…

5 වසර පන්ති පැවැත්වෙන ආකාරය…

 

දැනට පවතින පන්ති කාමර ගොඩනැගිලි දෙක….

LEAVE A REPLY