පාස්කුප්‍රහාරයසම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුව ඊයේ (10) දිනයේ සාක්ෂි ලබා දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරය. ශ්‍රීලනිප මහලේකම්වරයා පළමු වතාවට කැඳවූ අවස්ථාවේ එය ප්‍රතික්ෂේපකරකැඳවීම වර්ජනයකළ අතර කළ නමුත් අද දිනයේ ඔහු කමිටුව හමුවේ පෙනී සිටියේය.

තේරීම් කාරක සභාවේ සාමාජිකයන් විසින් අසන ලද බොහෝ පැනයන්වලට ශූර ලෙස පිළිතුරු දෙන්නට සමත් වූ ශ්‍රීලනිප මහ ලේකම්වරයා ඇතැම් අවස්ථාවල මතු කළ තර්ක හේතුවෙන් පාර්ලිමේන්තු තේරීම් කමිටු සාමාජිකයන් පවා අර්බුදයට පත් වූ සෙයක් දැක ගැනීමට හැකි විය.

මෙමප්‍රහාරයේවගකීම ජනාධිපතිවරයා වෙත එල්ලකිරීමට ඇතැමුන් උත්සාහ කරන බවද පැවසූ මහලේකම්වරයා මෙමප්‍රහාරයපසුපස ජාත්‍යන්තරයුද්ධයක්ඇති බව සිය මතය යැයි සඳහන් කළේය. එහිදි රජය විසින් ඇමෙරිකාව සමග අත්සන් කිරීමට යෝජිත සෝෆා, මිලේනියම් කෝපරේෂන්, ඇක්සා යන ගිවිසුම් මන්ත්‍රීවරයාගේ දැඩිඅවදානයට ලක් විය.

හම්බන්තොට වරාය බදුදීම, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය බදුදීම, ත්‍රිකුණාමල වරාය බදු දීම, ත්‍රිකුණාමලය හා කොළඹ අතර විශේෂ ආර්ථික කලාපය ආදී කාරණා මෙම ප‍්‍රහාරය හා සම්බන්ධයක් ඇතැයි පෙන්නුම් කරන බවද ජයසේකර මහතා පැවසීය.

තවද මෙමප්‍රහාරකයන් ටාජ් හෝටලයට ප්‍රහාරයඑල්ලනොකර නැවත හැරී යාම සැක සහිත බවත් එදින ටාජ් හෝටලයේ රැඳී සිටි ඇතැම් පිරිසක් පිළිබඳව සැකමතුවනබවද ශ්‍රීලනිප ලේකම්වරයා ප්‍රකාශ කළේය.

දයාසිරි මන්ත්‍රීවරයා කමිටුවට මුහුණදුන් ආකාරය පහතින් නරඹන්න….

LEAVE A REPLY