ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට මුහුණ දීමට තවමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපෙක්ෂකයෙක් නම් කර නැතැයි, එම මැතිවරණය සඳහා පොදුජන පෙරමුණ කිසිදු සූදානමක්ද නැතැයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පෙරේදා දිනයේ (08) පැවති “සලකුණ” රූපවාහිනී සජීවී වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කරන ලදි.

පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජනාධිපති අපේක්ෂකයා බව විටින් විට ප්‍රකාශ කරමින් සිටියද මහින්ද රාජපක්ෂ මහතා මේ වනතුරුත්  ගෝඨාභය සිය අපේක්ෂකයා බවට නිල ප්‍රකාශයක් සිදු කොට නොමැත. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකානු පුරවැසි භාවය සම්බන්ධ ගැටළුවක් මෙන්ම ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන්ද දේශපාලන කටයුතු සඳහා සම්බන්ධ වීමට නොහැකි තත්වයක් උද්ගතව වී ඇති බව වාර්තා වනවා.

එම වීඩියෝව පහතින්…