අප්‍රේල් 21 දා එනම් පාස්කු ඉරිදා දින මෙරටටබෝම්බප්‍රහාරයඑල්ල වුණේ හම්බන්තොට වරාය චීනයට විකුණා දැමූ නිසා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.චීනය හම්බන්තොට වන නිසා ඇමරිකාව, ඉන්දියාව, යුරෝපයටද එම උවමනාව ඇති වූ බවද ඔහු පැවසීය.

එම වරාය චීන රජයට ලබා දීමට එම රටවල් සිය බලවත් විරෝධයපල කර තිබුනද ඒ නොතකා චීන  ආණ්ඩුවට හම්බන්තොට වරාය ලබා දීමට කටයුතු කරන ලද බවද මන්ත‍්‍රීවරයා කීය.මෙම ක්‍රියාව සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මූලිකත්වය ගෙන කටයුතු කළ බවක් ඔහු චෝදනා කළේය.ලෝකය අකර්මන්‍ය කල හැකි ස්ථාන තුන හතර අතරින් එකක් වන්නේ ද හම්බන්තොට වරාය බවද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ උත්සව සභාවක් අමතමිනි.